namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, May 8, 2018

ප්‍රවිණ සංගීතඥ පියදාස අතුකෝරාළ වැයුම් මැවුම් අසිරියෙන් බිදිත්තක් ....


එදා වැයු ඒ වෙණ නද ඇසේවා අදත් හෙටත් .............02 වැනි  දිගැහැර‍ැම

එසේම ලක්‌දිව් වැසි ගී රසික සහෘදයන් සොයා ඒක ද්වි පුද්ගල සජීවී වේදිකා ගී ප්‍රසංග කලා අත්දැකීම් පියඹා එන්නේ 70 දශකයේ උදාවේදීය පන්ඩිත් අමරදේවයන් ගේ ශ්‍රවණ රමණී අමරදේව නන්දා මලනී යුගල ගී ඇතුළත් වූ ශ්‍රවණ ආරාධනා මෙන්ම ශිල්පී සනත් නන්දසිරිගේ සවර්ණ කුන්ඩල හා අති දැවැන්ත මහරු ස ප්‍රසංගය සිතාර් වාදනයෙන් සරසවනු පිනිස ඔහුගේ නොමසුරු දායකත්වය ලැබිනි
















-----------------------------------


පියදාස අතුකෝරාළ ශබ්දාගාරයේ  පටිගතකිරීමකදී

සේයා‍‍‍ර‍ැව වමේ සිට

වයලීනය  - එම් කේ රොක්සාමි

බොක්ස් ගිටාරය - ‍ගායන ශීල්පී ග්‍රේෂන් ආනන්ද (රොක්සාමි ට පිටුපසින්)


තුන්වැනි වයලීන වාදකයා -ගායන ශීල්පී  මර්වින් පෙරේරා

සිතාර් වාදක - පියදාස අතුකෝරාළ
-----------------------------------------


එදවස ගුවන් විදුලිය ලාංකීය ශ්‍රාස්‌ත්‍රිය සංගීතය හදාරණ විද්‍යාර්ථින්ගේ ගේ මෙන්ම රසිකයන්ගේ ද තෝතැන්නක්‌ විය හුදු විනෝදාස්‌වාදය පිනිස නොව අධ්‍යයන කටයුතු උදෙසා ගායන-වාද්‍ය සංගීත වැඩසටහන් විකාශය කිරිමේ වැදගත්කම මෙන්ම ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රගමණය උදෙසා එසේ දායක වීම සිය වගකීම බව වටහගත් වෘත්තියවේදීන් එහි මුලසුන් අරා සිටියහ 

එවැනි වැඩසටහන් එක්‌තැන් කරමින් නිකුත් වූ සංගීතාංජලී කැසට්‌ පටයේ නැගෙන්නේ ද පියදාස අතුකෝරාළ සිතාර් වාදන රසමිහිරයි 

එමතුදු නොව හෙළයේ මහා නිළි - ගායිකා රැජිනිය වු රුක්‌මණි දේවියගේ නමින් එළිදුටු වැයූ ගී රාවයේ රාව නිම්නාදයන්ද ඔහුගේය

ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ රසරාව නැංවු ගාන්ධර්වයන් රැස අතරින් වැඩිමනත් පිරිසක්‌ සිය ශීල්පීය ප්‍රවිණතාවයේ හිනිපෙත්තට පිවිස සුමධුර මෝහනීය තනු නිර්මාණ සහ සංගිත නාදරටා මැවූහ එහි නිමැයුනු නෙකාකාර සංගීත වැඩසටහන් සඳහා ඒවා මුසු කළහ

හෙළ සලරූ වංශයේ අතුකෝරාළ නාමය සටහන් නොවන්නේ නොවේ  එදාමෙදා තුර එහි බිහිවු අති විශිෂ්ඨ නිර්මාණ පසුබිමේ ඔහුගේ සිතාරයේ සියුම් තත් හැඞවෙනායුර ගෙනහැර පාන්නට

එදා ගුවන් විදුලි වාද්‍ය වෘන්දයේ නියමුවා වු මහා සංගීතඥ සෝමදාස ඇල්විටිගලයන් ගේ මෝහණිය සංධවනිය ක්‌ ම වු  සත් සමුදුර (1967) සළරුව වෙනුවෙන් පන්ඩිත් අමරදේව ගැයු සේකරයන් ලියූ


සිනිඳු සුදු මුතු තලාවේ

 හා

පිපුණු කුසුම පරවුනා 


සේම

ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පිරිස්‌ ගේ ගොඵ හදවත සිනමා රූ ගොණුවේ පසුබිම් සංගීත ඛන්ඩ මෙන්ම තිස්‌ස ලියනසුරිය ගේ සාරවිට වාද්‍ය ඛන්ඩ 

ධර්ම ශ්‍රී කල්දේරා ගේ රෑණ ගිරවු වාද්‍ය මිහිර 

පමණක්‌ නොසෑහේ ඊට දක්‍ෂිණ භාරතීය කර්ණාටක ගී ආරේ විශේෂඥ සංගීතඥ නැසිගිය රාමයියා මුත්තුසාමි ගේ සත්සර පෙළගැස්‌ම පණපෙවූ  පහත සටහන් කෙරෙන ගී මුතුමිණ ද එක්‌විය යුතුමය මෙහි හෙළයේ එදාමෙදා තුර පහළ වු එකම මහා නිළි රැජින - ගායිකාව වු රුක්‌මණි දේවියගේ හඞ පසුබිමින් රැව් පිළිරැව් දෙන්නේ පියදාස අතුකෝරාළ පරම රමණිය සිතාර් නාදරටාවන්ය පද රටා කරුණාරත්න අබේසේකරයන්ගේය එය එසේ වැයෙන්නේ ගැයෙන්නේ  අදියුරු එස්‌ රාමනාදන් ගේ සම්පත (1966) රිදීතිර දසුන් කථාංගය රසවත් කරනු පිණිසය

සිතාරේ ............. සිතාරේ......

සිතාරේ ...සිතාරේ ....සිතාරේ .....

අතැගිලි පිරිමදින හඞට වයන සිතාරේ - නගන සිතාරේ.....

සිතාරේ ...සිතාරේ ....සිතාරේ ..............

---------------------
සළරුව - සම්පත

මහජන ප්‍රදර්ශනය 1966 සැප්තැම්බර් 11

පද සංකල්පනාව - නැසිගිය කරුණාරත්න අබේසේකර

තනු නිර්මාණය - නැසිගිය ප්‍රවිණ සංගීතඥ රාමයියා මුත්තුසාමි

ගායනය - නැසිගිය - ප්‍රවිණ ශිල්පිණි රුක්‌මණී දේවි
---------------------------------------------

මෙතැනින් රසවිඳින්න


පන්ඩිත් අමරදේව - ආචාර්ය කේමදාස - ෂෙල්ටන් ප්‍රේමරත්න - සරත් දසනායක - සිසිර සේනාරත්න - එම් කේ රොක්‌සාමි  - රමයියා මුත්තුසාමි - මෙල්රෝයි ධර්මරත්න - ක්‌ලැරන්ස්‌ විජේවර්ධන ප්‍රමුඛව එදමෙදාතුර හෙළ ගී කලාවේ උත්කර්ෂනය වෙනුවෙන්  උරදුන් සියඵ සංගීතවේදීන් මේ අපුර්ව සිතාර් වාදකයා සොයා ආවේ සිය නිර්මාණයන්හි ඔහුගේ වැයුම් රටා ඇතුළත් කරනු රිසියෙනි 


අතුකෝරාළයන්ගේද  ඉහත කී  සියඵ වැයුම් නද පරයා ඉස්‌මතු වන්නේ ඔහුගේ අමරණීය ගී තනු සමුච්ඡයයි ඒ තතු විමසා බලනු පිනිස  1967 වසර තරම් ඈත යුගයකට පිය නැගිය යුතු වේ 

නවරජය කිරුඵ පැළඳ ගතවී ඇත්තේ දෙවසරකි එහි ආර්ථික ප්‍රතිපත්ති ප්‍රවර්ධක සංගීතමය විචිත්‍රාංග සහ වැඩසටහන් දියත් කිරීමේ මුලීක වගකීම පැවරී ඇත්තේ දිවයිනේ එකම විද්යුත් මාධ්‍යය වු ජාතික ගුවන් විදුලිය වෙතයි

ඒ වෙනුවෙන් කළඑළි බට වැඩසටහන් අතර සුවිශේෂී සංගීතමය රසකලස නම් කෙරුණේ එඩීතර ලංකා ලෙසිනි  සංස්‌ථාවක්‌ ලෙස අබිසෙස්‌ ගැන්වූ අභිනව ගුවන් විදුලියේ මුල්‍ය ප්‍රතිපත්ති වඩාත් නම්‍යශීලිය සිය වැඩසටහන් හි ගුණාත්මක බව රැකගනු සඳහා නිෂ්පාදකවරුන්ට බාහිර ශීල්පීන් ගේ දායකත්වය රිසි සේ ලබාගැනීමේ  වරය හිමිය  

වඩාත් ප්‍රශස්‌ත ගී පද රචනා ද ගී රසගැන්වීමේ බාහිර වාද්‍ය ශිල්පීන්ද කැඳවිනි මේ අතරට අතුකෝරාළයන්ගේ මනෝහර නාදරටා හා අත්වැල් බැඳගත්තේ ඔහුගේම රමණීය තනු නිර්මාණ පෙළකි ඒ ප්‍රවිණ පුවත්පත් කලාවේදී කිවිවර තලංගම ප්‍රේමදාස ගේ පද ගෙතුම් වෙනුවෙනි


න් විමනේ දොර ඇරිලා - රන් වරුසා බිම හැලිලා.....

රන් ගොයමේ කිරි වැදිලා - සොම්නස්‌ ගග ගලනවා.....

ජීවන සරු පස මැද්දෙන් - සොම්නස්‌ ගග ගලනවා...........

---------------------------
නිෂ්පාදනය - ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාව - වෙළඳ සේවය

වැඩසටහන - එඩිතර ලංකා - 1967

පද - නැසිගිය තලංගම ප්‍රේමදාස

තනු රටා සහ වද්‍ය සංගීත මුසුව - පියදාස අතුකෝරාළ

ගායනය - රෝහිත විජේසූරිය - ලාලනී සෝමසිරි - අතුල සෝමසිරි  ඇතුඵ පිරිස ?
-----------------------

මෙතැනින් රසවිඳින්න



ඒ වැඩසටහනේ ඒ ළය ඇසුරේ අතුකෝරාළයන්ගේ සත්සර විචිත්‍රත්වය යළිදු මතුවෙන්නේ මෙයාකාරයෙනි



හේළී හෙළ හැගුම් රැගනිවු  - හේළි හෙළ බසින් සුරැකෙව්.....

හේළී හෙළ බසින් සැරසෙවු - හේළී හෙළ බිමේ හෙළ බිමේ....

සර ලක්‌ පොළෝ අගලක්‌ - නෑර සත් ඵලින් ඵලවත්.....

නීල කෙත් වතින් පවසවු - හේළි හෙළ බිමේ......


---------------------------
නිෂ්පාදනය - ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාව - වෙළඳ සේවය

වැඩසටහන - එඩිතර ලංකා - 1967 ?

පද - නැසිගිය අරිසෙන් අහුබුදු ශූරීන්

තනු රටා සහ වද්‍ය සංගීත මුසුව - පියදාස අතුකෝරාළ

ගායනය - රෝහිත විජේසූරිය - ලාලනී සෝමසිරි - අතුල සෝමසිරි  ඇතුඵ පිරිස ?
-----------------------

මෙයින් සවන පිනවා ගන්න  මෙතැන ක්ලික් කර පිවිසෙන්න

-----------------------

යළිදු වරෙක පසු දිනක තලංගම පෙම්දස්‌ පන්හිඳෙන් ගලා ආ  දේශවාත්සළ්‍යය -  අබිමන -  ගර්වය පොබයන මෙවදන් පෙළ වෙනුවෙන් ඔහු මුසුකළ මියෑසි රටාවට වසග නොවන්නෝ කවරහුද ?



රත්නදීප රත්නදීප ලංකා දීප සෝබනී - .......

රත්නදීප රත්නදීප ලංකා දීප සෝබනී - ........

ස්‌වර්ණ දීප රත්නදීප  - ස්‌වර්ණ දීප රත්නදීප .......

ලංකා දීප රාජනී  - ලංකා දීප රාජනී  ..............

---------------------------
නිෂ්පාදනය - ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්‌ථාව - වෙළඳ සේවය

වැඩසටහන - එඩිතර ලංකා - 1967

පද - නැසිගිය තලංගම ප්‍රේමදාස

තනු රටා සහ වද්‍ය සංගීත මුසුව - පියදාස අතුකෝරාළ

ගායනය - රෝහිත විජේසූරිය - ලාලනී සෝමසිරි - අතුල සෝමසිරි  ඇතුඵ පිරිස ?
-----------------------

අසන්න මේ සුන්දර නිර්මාණය මෙතැනට පිවිස


මේ සියඵ තනු එකම ළයමානයකින් සුසැදී බව පෙනීයයි එය සුවිශේෂීය එපමණක්‌ද ඒවා ඒ යුගයේ යොවුනන් අතර දසත පතලව උන්මාදයක්‌ බවට පත්ව තිබු බටහිර කැලිප්සෝ කන්ඩායම් ගී රසය මතුකරයි එනමුදු පෙරදිග සංගීත සම්ප්‍රදායෙන් බැහැර නොයයි මෙකි කරුණු නිසාද මේ ගී පෙළේ අනන්‍යතාවය සුරැකෙයි මතුවෙයි ප්‍රකට වෙයි

මේ නිර්මාණ බිහිවන යුගයේ යොවුන් වියේ පෑළ දොර පියමං කරමින් සිටි අප සංගීතවේදියා සිය ඇසුරේ වද්‍ය තත් සිප් සත හැදෑරූ සිය ප්‍රියතම සිසුවිය වෙත  ජීවන තත්පෙළ නංවනු පිනිස ඇරයුම් කලේය ඇය කමලා නවගමුව මෙනෙවියයි 

තිස්‌වසක ගුවන් විදුලි වැයුම් දිවියෙන් සමුගෙන යනු පිනිස වරම් ලැබ 1989 වසින් එයින් බැහැර ව ගිය පසුවද ඊට ඔහුගේ අනුපමේය මෙහෙය යළි යළීත් ඇවැසි විය

හෙළ ගී කෙත සාර අස්‌වනු ගෙන දුන් පියදාස අතුකෝරාළ සංගීතවේදියා  1995 වසරේ දි කලාභුෂණ හා 2000 වසරින් රජ්‍ය සංගීත බුහුමුන් පුදා බැති උපහාර ලද්දේය  


හදේ පිපෙන බැතිමල් ගෙන - .......
සෙනේහයේ පිණිදිය ඉස.......

ඔබේ මුදුදෙපා අබියස ......................

තබා පුදන්නම් තබා පුදන්නම්..............

(එඩිතර ලංකා ගුවන් විදුලි ගී - 1967 පබැඳුම නැසිගිය තලංගම ප්‍රේමදාස)
------------------------
සවනට ගී රසය මෙතැනින්


චිරං ජයතු සොඳුරු ගාන්ධාර්යාණෙනි ඔබ හට .................!

ස්‌තුති පුර්වක ප්‍රණාමය -

මුලාශ්‍ර සහ කරුණු උපුටනය වෙනුවෙන් විශේෂ අවසරය දුන් විජිත් කුමාර් සේනාරත්න මහතා වෙත

ජයාරූපය උපුටනය - ඉන්ද්‍රාණී රොක්‌සාමි මහත්මිය වෙත

 ළකිඳු පීරිස්‌ මහතා වෙත

Tuesday, April 24, 2018

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස - 10 අංකය


හෙළ මියැසි අඹරේ හෙට පායන තරු වෙනුවෙන් ...............

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාවේ දසවැනි දිගැහැරුම


මේ වාරයේ මනු ලොව කරා පිවිසි මේ ගාන්ධර්වයා හට සිය ඉරණම විසින් තමන්ට නියම කර ඇති වැඩ කොටස බොහෝ දුරට සමපුර්ණ කරනු ලැබු බවට හැගී යන්නට ඇත එහෙත් එයින්ම නියම කෙරී ඇති පරිද්දෙන්දෝ සිය රෝගී තත්වය විසින් සිරුරේ සවිබල ශක්‌තිය පැහැර ගෙන ගොස්‌ ඇති සෙයක්‌ ද හැගී ගියේය


මාලිගාවත්තේ සිය නිවස්‌නේ සිට තුන්රෝදරථයෙන් කොල්ලුපිටියේ මහනාමය වෙත පා නැගු ඔහු වෙත පිම්මේ දිව ආ සිසු දරුවන් සිය දයාබර ගුරුපියාණන් ගේ අත් වලින් අල්ලා වාරුකරගෙන පංති කාමරය වෙත කැඳවාගෙන ගියේය ඔහුගේ කය වෙහෙසවාලන්නට ඉඩ නොතබමින් අවශ්‍ය සියඵ සටහන් හා වාර්තා පොත් පංති කාමරය වෙත සපයා දෙන්නට විදුහල්පතිතුමා විසින් පියවර ගැණනි

ලාංකීය සංගීත - නාට්‍ය - සිනමා  කලා ක්‍ෂේත්‍රයේ නිරතවෙමින් සිය දස්‌කම් පෑ කලා ශීල්පීන් අති බහුතරයක්‌  දිවමන්ව සිටියදී අත්කර නොගත් ඔවුනට හිමි නොවු එහෙත් ලැබිය යුතුම වු දෙයක්‌ ලබන්නට තරම් ඔහු භාග්‍යවන්ත විය ඒ ඔහු ගේ සහෘදයන් කලණ මිතුරන් රැසක්‌ එක්‌ ව ඔහු කළ කි දෑ අගය කරමින් සංවිධානය කළ උපහාර උත්සවයක්‌ අසිරිය දකින්නටය  

සිනමාවේදී තිස්‌ස අබේසේකරයන් මුල් ව හපුආරච්චි වෛද්‍යසේකර කරුණාදාස ලොකුබාලසූරිය යන සහෘද රසවතුන් එහි පෙරමුණ ගත්හ 
එකී චාම් උළෙල වර්ණවත් කරමින් එදා මෙදා තුර ඔස්‌ටින් නිර්මාණ තෝරාගත් සංඛ්‍යාවක්‌ රසවත් කළෝ අතර විශාරද නන්දා මාලනී ඉන්දීවරී ආරියසිංහ සේනානායක වෙහෙරලියද්ද සහ අනුලා බුලත්සිංහල ද විය

පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් ප්‍රමුඛ ව මහඇදුරු කාලෝ ෆොන්සේකා  ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුනිල් සරත් පෙරේරා ලුෂන් බුලත්සිංහල ඇතුඵ පිරිසක්‌ ඔහු නිර්මාණ පසසා අගයා දෙසුම් පැවැත්වුහ

මෙකල්හි සිංහල ගී අඹරට පෑවු අධුනික යොවුන් නව ගී තාරකාවිය වු නිරෝෂා විරාජිනී මුණසිංහයන් වෙතින් සත්සර ශිල්ප ලබමින් සිටියාය දිනෙක ඇයගෙන් මුණසිංහයන් වෙත ආයාචනයකි එනම් තමා වෙනුවෙන් ගීතයක්‌ නිමවා දෙන්නටය ඒ අනුව රත්න ශ්‍රී විජේසිංහයන් ඉන්දීවරී ආරියසිංහ ශිල්පීනිය  වෙත ලබාදී තිබු එතාක්‌ භාවිතයට නොගත් පදමාලාවක්‌ ඔහු ගේ මැදිහත්වීමෙන් ඇය ට හිමිකරදී ඊට මුසුකල නාද සිත්තමයි මේ

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කඵව බිඳ .......

රන්කෙඳී සේම රන්වන් ඉරිගූ ඉඹිනවද......

තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ......

රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව ........

-----------------------------
මෙතැනින් සවන්දෙන්න



1997 වසර ට පියමං කල ලක්‌බොදු සිහල දන වෙනුවෙන් සිය ජාතික වගකීම ඉටුකරන්නට සැදී පැහැදී සිටින සැළලිහිණි තෙලදසුන් සේවය සිංහල අඵත් උළෙල සමරන්නට සුදානම් විය එහි බලධාරීන් විසින් ඒ වෙනුවෙන් පෙළගස්‌වා තිබු වැඩසටහන් අතර මියුරු සර වසන්තය ද විය එයින් පසළොස්‌ වසකට පෙරාතුව  එහි ආරම්භයේ රූපවාහිනි අධ්‍යාපන සේවය සරු කල ඔස්‌ටින් මුණසිංහයන් හට මෙවරද එහි නාද ගෙත්තම වෙත පවරනු ලැබීය 


රත්න ශ්‍රී විජේසිංහයන් ගේ වදන් ගෙත්තම් කල මියුරු සර වසන්තයේ ආකෘතිය 19 සියවසේ පරසිඳු ගජමන් පුවතේ චරිත ඇසුරෙන් නිර්මාණය කරන ලද්දේ උපාලි ආරියසිරිය 

බෙරහඞ නාට්‍යයේදී මුණසිංහයන් ගේ නිර්මාණ සැරසු ශිල්පී ජැක්‌සන් ඇන්තනි කුමාරි මුණසිංහ යුවළට අමතරව රොඩ්නි වර්ණකුල සහ සේනානායක වෙහෙරලියද්ද  මෙන්ම ජ්‍යෙෂ්ඨ ජනගී පර්යේෂක නාට්‍යශිල්පී රෝහන බැද්දගේ ද ප්‍රදිපා ධර්මදාස ද එහි සෙසු සාමාජිකයන් වුහ

එහි රොඩ්නි වර්ණකුල ගේ ගී හඞ අවදිවුයේ මෙලෙසිනි

මල්මද බිසෝ ඉතිං......
ඩිංගක්‌ හිනාවෙයන්......

අරගෙන රිදී කලේ .....

රිදී වතුර ගෙදර යමං .........

-----------------------------
මෙතැනින් සවන්දෙන්න



ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං


නැවතත් එතැන් සිට මතු දිනක ................

පරිශීලනය සහ මුලාශ්‍ර - සොඳුරු ගාන්ධර්වයා

ස්තුතියි - අචිරවතී යාලගම මුණසිංහ මහත්මිය වෙත

Tuesday, April 3, 2018

ප්‍රවිණ සංගීතඥ පියදාස අතුකෝරාළ වැයුම් - නිමැයුම් ...........


එදා වැයු ඒ වෙණ නද ඇසේවා අදත් හෙටත් '''''''''''''''

ලාංකිකයන් ගේ ගීත රසාස්‌වාදය මුලීක වශයෙන් රැඳී පවතින්නේ ද වැඩි දෙනෙකු වැඩි අවධානය යොමු කරන්නේ ද මේකී කලා නිර්මාණයට පාදක වු එහි පද සංකල්පනාව මත බව පෙනීයයි 


සාමජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වන ගීත උදෙසා පළකෙරන සටහන් ඔස්‌සේ ද ඒ බව පසක්‌ වෙයි

එනමුදු සාමූහික නිර්මාණකරණය උදෙසා ගෙනහැර පෑ හැකි වඩාත්ම සාර්ථක නිදසුනක්‌ ලෙස ද ගීත කලාව හැඳින්විය හැකියි මතුපිටින් සලකා බලද්දී එහි පද රචනය සහ ගායනය කැපී පෙනෙන බවක්‌ හැගී ගියද ඊට දායකත්වය සපයන්නෝ බොහෝ වෙති

එහිදී සුපිපි පුෂ්පයෝ සොයා සරණ බිගු කැල සේම රසිකයන් ගීතයකට ආකර්ශනය කරගන්නේ එයින් විහිදුවන සුගන්ධය බඳුවන් තනුවයි ගීතයේ එකී අංගය හා මනාව ඒකාත්මික වන පදමලාව ට එහි වාහකයා සිය ගැයුම් මිහිර මුසුකරන්නේ යම් සේ ද ඒ පමණට නිර්මාණය ශ්‍රාවක හද පැහැර ගනු ලබයි 

ඒ අනුව එහි ජනප්‍රියත්වය උදෙසා තනු රචකයා ගේ කාර්ය භාරය ද භාරදූරය ඔහු මේ නිර්මාණයට දායක වන තෙවැන්නා ලෙස සැලකිය හැකිය 

එපමණකින් ගීයක උපත සිදුකරන්නට දායක වන්නන්ගේ ලැයිස්‌තුව අවසන් නොවිය හැකිය ඉඳහිට ඊට හතරවැන්නෙකු ගේ සහභාගීත්වය ලැබි ඇති අවස්‌ථාද දැකිය නොහැකි නොවේ ගීතයේ සොඳුරු මිහිරි බව කන්කඵ බව ඔප් නංවන ඊට යෙදෙන සැරසිලි මෝස්‌තර රටා බඳු ආරම්භක සහ අන්තර් මෙන්ම පසුබිම්  සංගීත වාද්‍ය රටා මවන  ඔහු සංගීත අධ්‍යක්‍ෂවරයා මෙන්ම සංයෝජකයා ය  එනමුත් ගී නිර්මාණ වැඩි සංඛ්‍යාවක මේ ශිල්පියා ද තනු රචකයා ද එක්‌ අයෙකි

එසේ නෙවුනු අවස්‌ථාවන් සඳහා නිදසුන් ලෙස

ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ ගේ සිනමා නිර්මාණ වු  රේඛාවේ සහ සංදේශයේ ගී නිර්මාණ ගෙනහැර දැක්‌විය හැකිය

මුලින් කී සිනමා පටය වෙනුවෙන් තනු නිර්මාණයෙන් සහය වු සුනිල් සාන්තයන් ට සංගීත අධ්‍යක්‍ෂනයෙන් බී ඇස්‌ පෙරේරා ද දෙවනුව සඳහන් කල කෘතියේ සුනිල් සාන්තයන්ගේ තනු ඔපවත් කලේ රාමයියා මුත්තුසාමි බවද කියෑවෙයි ඒ අනුව ඒ ගීත නිර්මාණ සියල්ලේ ජනප්‍රසාදය යන උඩුවියන සතර දෙනෙකු විසින් උසුලාගෙන සිටිති

70 දශකයේ වානිජ සිනමාවේ ජයකෙහෙළි නැංවු උතුරේ තල් රූප්පාවේ වැසියෙකු ව සිටි ජෝ දේව් ආනන්ද සිය සිනමා කෘති සරසවා ගත්තේ කන්ද උඩරට වැසියෙකු වු ද ක්‍ෂේත්‍රයේ සක්‍රිය දායකත්වයක්‌ නොදැරුවා වුද  එම් එම් ඒ හක්‌ නම් ගීත ලෝලියා මිමිණු තනු වලිනි  එහෙත් ඒවායේ සංගීත සංයෝජකයා ලංකීය ගීත කලාවේ ප්‍රමුඛයෙකු වු ටී එෆ් ලතීෆ් සත්සර රසවතාය

මේ පුර්විකාවේ සමාප්තිය සටහන් කරනු පිණිස ගීතයක්‌ බිහිකිරීමේ ක්‍රියාදාමයේ කැපී පෙනෙන භුමිකාවක යෙදෙන එහෙත් එතරම් අවධානයට යොමු නොවු සෙසු පිරිස පිළිබඳව සඳහන් කරනු වටනේය ඔවුන්ගෙන් ඇතැම්හු සංගීත කලාව ශ්‍රාස්‌ත්‍රානුකුලව හැදැරූවන්ය සෙස්‌සෝ සිය සසර පුරුද්දෙන් උරුම කරගත් සහජ හැකියාවෙන් ඒ කටයුත්තේ යෙදෙන්නෝය මේ පිරිස නම් ගීතය සිය වාදන කෞෂල්‍යයෙන් රසගන්වාලන වාදක මන්ඩලයයි 

සංගීත සංයෝජකයාගේ සහ තනු රචකයා ගේ භූමිකාවේ ද යෙදෙන එකී ශිල්පයේ පරප්‍රාප්ත වූවන් එකට එක්‌තැන් වු කෙම්බිම ජාතික ගුවන් විදුලියේ වාද්‍ය වෘන්දයයි ඔවුහු යම්තමින් හෝ අභිබවනය කරන්නට සමත් වූවන් සිටීයේ නම් ඒ ත්‍රිවිධ හමුදා තූර්ය වාදක සමුහයේ සාමාජිකයන් පමණකි  

එදවස සුභාවිත ගී නිර්මාණ රසගන්වන්නට මෙකී සාමාජිකයන් දෙවර්ගයම අත්වැල් බැඳගත්තේ ගුවන් විදුලියේ දී හෝ සිනමා චිත්‍රාගාරයක දී නැතහොත් ශබ්ධාගාරයකදීය

මෙකී සටහනට හේතුපාඨ වන ඔහු වරෙක සිය අතැගිලි විහිදුවේ ජලතරංග රසය නංවනු පිනිසය තවත් වරෙක ඒවා සිතාරයේ තත් අතර යුහුසුඵව දිවයනු පෙනිනි

කොන්ද නමාගෙන  - හැරමිටි ගහගෙන''''''''''''''''''

ඉබි ගමනින් යන්නේ - උදේම නාගෙන චීත්තේ ඇඳගෙන''''''''''''

ආච්චි මේ එන්නේ''''''''''''''''''''''''''''

ගි පද සහ සංගීතය - මෙල්රෝයි ධර්මරත්න
1970

අසන්න මෙතැනින්
----------------


මේ නිර්මාණයට හඞ මුසුකල ශීරෝමි ප්‍රනාන්දු ගේ කෙළිලොල් සිගිති හඞ ඇසෙන්නට පෙරාතුව වැයෙන ලුහුඞු ආරම්භක ජලතරංග නාදරටාව ඔහුගේය

හඳහාමි - හඳහාමි  - සුදු හඳහාමී''''''''''''''''''''''''''''

කිරි - පැණි ගෙනත් දෙන්න - සුදු හඳ හාමි''''''''''''''''''''''''''''

ගි පද සහ සංගීතය - මෙල්රෝයි ධර්මරත්න
අසන්න මෙතැනින්
----------------


යළිත් වරකදී ඇය මෙසේ ගයද්දී නිරන්තරයෙන් පසුබිමින් දෝංකාර නැංවෙන සිතාර් නාදරටාව ද ඔහුගේය

මේ ඔහුගේ අපිරිමිත නිර්මාණ රසකලසින් අංශු මාත්‍රයකි එහි රස පහසක තතු වැඩිදුර විමසන්නට පෙරාතුව ඔහු දිවිසැරියේ ජවනිකා පෙළක්‌ මෙසේ ලියා තබමි 

ඔහු සිය දිවිගමනේ සැඳෑ සුවය විඳින ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතඥ පියදාස අතුකෝරාළයන්ය 

පසුව හෙළ කලා කෙත සරු කල මහරු සම්පත් බඳු ගී කලා තරු බිහිවු පසුගිය සියවසේ සතරවන දශකයේදී ඔහු මෙළොව පා තැබු ඒ දාතම 1931 උඳුවප් මසින් 29 දින ලෙසින් ය සටහන් වන්නේ ඒ බටහිර පළාතේ අගනුවරට ආසන්න හොරණදීය  හෙළ සාහිත ඉතිහාසයේ නොමැකෙන මංසළකුණක්‌ වු ගොඵ හදවත නවකථාවේ වස්‌තු බීජයට පාදක වූ තක්‍ෂිලා විදුහලේදී පළමු කොට අකුරු කළ හෙතම එයින් නික්‌ම ගොස්‌ එදා පැවති වෘත්තිය පුහුණුව හා සබැඳී විෂයන් හි පුහුණුව ලබාදුන් ශ්‍රීපාලි සිප්හල් මාතාවගේ සෙවණ ලද්දේය

හෙළකලා සිරිදෙව්දුවගේ කොකුම් තිලකය බඳුවන් ඒ සිප්හලේ නියමුවා ලෙස එදවස කටයුතු කලේ ද ක්‍ෂේත්‍රයේ මහා දැවැන්තයෙකු වු ඩබ්ලිව් ඩී මකුලොලුව ශ්‍රිමතානන්ය එහි මව් සිප්හළ බඳුවද සැළකිය හැකි භාරත දේශයේ  ඨාකුරයන්ගේ ශාන්ති නිකේතනයෙන් ශිල්ප ලබා පෙරළා සියරට පැමිණි සිය  දෙටු සොයුරු අනංගලාල් අතුකෝරාළයන් ගෙන් තත් වාද්‍ය භාන්ඩ වාදන රටා මුලිකාංග ප්‍රගුණ කරන්නට සමත් වු පියදාසයන් ඒ ශිල්පකලාව ශ්‍රාස්‌ත්‍රානුකුලව ලබනු පිනිස මකුලොලුව ආචාර්යතුමානන් වෙත එළඹියේය

ඒ අනුව එස්‌රාජය ද දිල්රුබා වද පසුව සිතාරය ද ඔහුගේ අතැගිලි පහස විඳගත්තේය ඉන් ඉක්‌බිතිව ඔහුගේ සියුම් නාදරටා පහර ලද්දේ සම්ප්‍රදායික සරල තුර්ය භාන්ඩයක්‌ වු ජලතරංගයයි  හෙළ ගී මුල් නිමැයුම් බොහෙමයක වරෙක නැගෙන්නේ පියදාසයන්ගේ මේ ජලතරංගය නාදයයි තවත් වරෙක සිතාරයයි

ලක්‌මව නිදහස්‌ සුවයෙන් සැනහී ගිය මංගල මොහොතේ ඒ ස්‌මාරකය තැනුනු නිදහස්‌ චතුරශ්‍රයේ පැවැත්වු   පැජන්ට්‌ ඔෆ් ලංකා ඉගිනඵවේ රැව්දුන්නේ එකී ජලතරංග නාදයයි 

දිනක කලාරසවතුන්ගේ කෙම්බිම වු මොරටු පුරවරයේ වේදිකා ගතවු ශ්‍රාස්‌ත්‍රීය වැයුමකදී සංගීත් නිපුන් මහඇදුරු පි වී නන්දසිරි යුහුසුඵව තබ්ලාව මත සිය ඇතැගිලි මෙහෙයවද්දී ඔහු සිතාරයේ මිහිරෙන් ප්‍රේක්‍ෂකාගාරය කුල්මත් කරන ලදී

ලෝ පුජිත මහා සංගීතවේදී පන්ඩිත් රවි ශංකර් ගේ ලංකාගමනය සිදුවු වකවානුවේදී කෙටි සළරූ යුග්මයකට නාද මිහිර සපයන්නට එතුමෝ ලක්‌ රජය වෙතින් ඇරයුම් ලැබිය  ඒ වෙනුවෙන් සිය සිතාර් වාද්‍ය වෘන්දය නියෝජනය කරනු පිනිස පියදාස අතුකෝරාළයන් තොරාගනු ලැබිය එය අප ශිල්පියාගේ කලා දිවියේ අමරණිය සිහිවටනයක්‌ වනු නිසැකය

එපමණකුදු නොවේ 1954 වසර ගතවෙද්දී  අගනුවර ලයනල් වෙන්ටඩ් හිදී  ඔහු ගේ සිතාර් සහ ජල තරංග වැයුමක අසිරියෙන් මත්වී වේදිකාවට ගොඩ නැගුනු දැවැන්තයන් දොපොළකි ඒ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් හා සංගීත විශාරද පී ඩංස්‌ටන් ද සිල්වාය ඔවුහු කවරහුද යන්න අමුතුවෙන් හඳුන්වාදිම නිශ්ඵලය දෙදෙනා එක්‌ව නොබෝ දිනකින් හෙළ ගී රසිකයන් වෙත තිලිණ කරනු පිනිස සුසැදී නවතම සත්සර අත්දෑකීම  ජලතරංගයේ මිහිරෙන් නහවන්නැයි පියදාසයන් වෙත හෘදයාංගම ඇරයුමකි

ඒ අනුව ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ මුල්වරට එහි මැදිරියක්‌ තුලදී ජලතරංගය හඞවන්නට ද ඔහු භාග්‍යවන්ත විය ඒ උක්‌ත කලාරසවතුන් ගේ දායකත්වය ලැබු සෝණ ගං තීරය ගීත නාටකය වෙනුවෙනි

එයින් නොනැවතී නිම්නාද වු ඒ වාද්‍ය මිහිර මුසුවු දෙවැනි ගීත නාටකට උල්පත නමිනි 


ප්‍රේම තටාකේ මේකයි මැණීකේ ''''''''''''''''''''''''''''

ආදර /ල්ලයි අර දිව එන්නේ'''''''''''''''''''''''''''
අභිමන් අභිමන් කියලයි මැණිකේ
'''''''''''''''''''''''''''

දිය/ලි ‍ මේ වැව් ඉවුරේ වදින්නේ
'''''''''''''''''''''''''''


ගායනය - පන්ඩිත් අමරදේව  සමග වජිරා බාලසූරිය
රචනය -ශ්රී චන්ද්රරත්න මාණවසිංහ
සංගීතය - පී ඩංස්ටන් ද සිල්වා
1955

අසන්න මෙතැනින්
----------------



භාරත සත්සර සිප් පෙළහර පෑ පන්ඩිත් අමරදේවයන් සහ වජිරා බාලසූරිය නම් යෞවනිය ඊට හඞ සැපයූහ

එතැන් සිට ජාතික ගුවන් විදුලියේ නිර්මාණයන් එකිනෙක පසා අතුකෝරාළ ජල තරංග වැයුම් නිම්නාද වන්නට පටන් ගත්තේය ගීතයක මුල් තැටිගතකිරීම වැයෙන්නේ යම්විකටද දීද  එහි සංගීත රටාවන් හා මුසුව නැගී එන්නෙ ඔහු ගේ සොඳුරු වැයුම් පෙළහරයි


උම්බෑ කිය කියා - මරණ බයේ ''''''''''''''''''''''''''''

කිරි ටික මුලදී බොයි - පස්‌සේ මරාකයි ''''''''''''''''''''''''''''

මිනිසා දරුණු ඇයි - මේ එළදෙන අසයි '''''''''''''''''''''''''''

ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
රචනය - කරැණාරත්න අබේසේකර
සත්සර අදියුරු පි එල් ඒ සෝමපාල

(හතර මහ නිධානය සිනමා පටයෙනි)
1965


අසන්න මෙතැනින්
----------------



එල් ඇම් පෙරේරා රංගනශිල්පියා හැදූ හතර මහ නිධානය සළරු ව උදෙසා මෙසේ ගයන්නේ ජේ ඒ මිල්ටන් පෙරේරා ශීල්පියා ය


හද සසලකරවන මෙකී ශෝකී ගී රාව දියුණු තියුණු කරන්නේ අතුරු වාදනයේ තත්පර විස්‌සකට ආසන්න කාලාන්තරයක වැයෙන සංවේදී තාර් ෂෙනායි (Tar Shenai)  වාදනයයි (ගීතයේ අන්තර්වාදනය පසු කොටස අන්තරා ගැයුමට පෙරාතුව)  ඊට ජීව ගුණය දෙන්නාවු වායුධාරාව නැගෙන්නේ ද අතුකෝරාළ මුවිනි

මෙම තාර් ෂෙනායි අඵවෙන් වැයෙන තත්  වාද්‍ය භාන්ඩයකි  ඊට සමාන නාදයක් නිකුත්වන ෂෙනායි නම් ශුෂිර වාද්‍ය භාන්ඩයට සමාන හඩක් එයින් නැගෙන අතර වෙනස සියුම්ව හැදිනගත යුතු වේ



යළි හමුවෙමු සෙසු තතු දැනගනු පිණිස 
'''''''''''''''''''''''''''


ස්‌තුති පුර්වක ප්‍රණාමය -

මුලාශ්‍ර සහ කරුණු උපුටනය වෙනුවෙන් විශේෂ අවසරය දුන් විජිත් කුමාර් සේනාරත්න මහතා වෙත
ජයාරූපය උපුටනය - විජිත් කුමාර් සේනාරත්න කෘතියෙනි

සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මහතා 


Wednesday, March 21, 2018

ඔස්‌ටින් මුණසිංහ දිවිමග සළකුණු බිඳකින් ...

තමා දෙවනුවය - පළමුව ශිල්පය ද තම රසික කැළ ද සිසුන් ද ..... අගනේය වටනේය .............

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ....... 09 වැන්නයි මේ......

සිය නිර්මාණ කාර්යයේ නිරතවෙද්දී ඔහු අතැගිලි පහස ලැබුවේ හාර්මෝනියම් වාද්‍ය භාන්ඩය පමණක්‌ම නොවේ වරෙක ඒ මත දිවගිය අතැගිලි තවත් වරෙක මුව වෙතට ලංවෙයි ඊලග නිමේෂයේ එයින් නැගී එන්නේ සියුම් දුම් වලා පොඩිත්තකි 


සෙසු ගාන්ධර්වයන් මෙන්ම ඔහුද ස්‌වකීය කය පිළිබඳව එතරම් අවධානයක්‌ යොමු නොකරන්නට ඇතැයි අනුමාන කරමි වේදිකා නාට්‍ය එකකට දෙකකට නොව ගණනාවකට සිය දායකත්වය ලබාදෙමින් ඊට සමගාමිව ගුරු භුමිකාවේ නිරතවෙමින් ඒ අතරින් තනු නිර්මාණ සිදු කරමින් වසර ගණනක්‌ නොව දශක ගණනක්‌ අතිශය කාර්ය බහුලත්වයෙන් යුත් දිවියක්‌ ගතකළ මේ සංසාරික ගාන්ධර්වයා ගේ ආත්මය  එකි සිරුරට දරාගත නොහැකි වුවා සේය 

මෙසේ මෙකී පවන ප්‍රසංගයේ සත්සර නාද මාලා අමුණමින් සිටි මුණසිංහයන් හට සිය සිරුර අනතුරු ඇගවීමේ සංඥා නිකුත්කරන්නට පටන් ගත්තේය එය එහිතුළ රැඳුනු මේ ගාන්ධර්වයා හා උරණව සිටියා සේය  එක්‌තරා දිනයක සිය සිරුර වාරු නැතිව ගිය ඔහු අඝාතයකට ලක්‌ ව සිටියේය

දශක ගණනක නිර්මාණ දිවියකට මුල්වරට දෙසතියක විරාමයක්‌ උරුම වි තිබි එය භුක්‌ති වින්ද මුණසිංහයන් වෙදැදුරන්ගෙන් අවසර ලත් වහාම දිවගියේ පවන ප්‍රසංගයේ පුහුණුවිම් උදෙසාය
දි
කාලය වේගයෙන් පියඹා යමින් තිබුනේ ඔහුව කලා දිවියේ 30 වස ට කැඳවාගනිමිනි ඒ 1995 වසරයි

එක්‌තරා යුගයක වැඩියෙන්ම පොදු ජනතාවට සමිප ව පැවතී එකම විද්යුත් මාධ්‍යය වු ගුවන් විදුලියෙන් සිය නිර්මාණ පෙළහර ඇරඹූ ඔස්‌ටින් මුණසිංහයන් ගේ දෙවැනි කලා කෙම්බිම වුයේ වේදිකාවයි සිය ගී ශ්‍රාවක රසිකයන් ගේ නොමද ගෞරවයට ලක්‌වෙමින් මෙකී දෙමාවත දිනූ ඉක්‌බිති  තෙවැන්න ට ඉඩකඩ විවර කර දුන්නේ ප්‍රවිණ සිනමාවේදී තිස්‌ස අබේසේකරයන් විසිනි ඒ සිය නවතම ටෙලිනඵව වු වනසරණ වෘත්තාන්තයේ ගී මිහිර මවන්නටය 

ආදිවාසි සංස්‌කෘතිය තේමාව කොටගත් එහි ඊට අනුගතව අබේසේකරයන් පබැඳු පදවැල මෙසේ විය

නංගිට බැඳපු මල් වියනයි  - නංගිට බැඳපු මල් වියනයි ........

නංගිට බැඳපු නංගිට බැඳපු නංගිට බැඳුපු මල්වියනයි......

තාරාවෙල් පිට යක්‌ ගම්මල් - අපටත් කියලයි නාටාන්නේ.............

මාමි තොටේ පැණි කනවෝ තෝටා කන්ටයි අපි අවේ...................

තෙං - තෙදිනානේ - තෙදිනා - නේ................................

--------------------------
මෙතැනින් සවන්දෙන්න



රසිකයන් විසින් මීට ඉහතදී වැදිජනයා ගේ පාරම්පරික යාතු කර්ම හා සිරිත් හා සබැඳි වැදි ගී ඇසුරෙන් කල නිර්මාණයක අත්දැකීම් ලැබුවේ 1972 වසරේ එළිදැක්‌වුනු එස්‌ රාමනාදන් ගේ හිතක පිපුණු මල් සිනමා සිත්තමේදීය 


එහි විමල් ජේ සාගර ඇතුඵ පිරිස ගේ සහභාගීත්වයෙන් නිර්මිත මා මෙනි මා දෙයියා ................. වෙනුවෙන් ස්‌වර නිර්මාණය සිදුකලේ ප්‍රවිණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ය ඒ වැදිජන සංස්‌කෘතිය සිය ආත්මය කොටගත් වෛද්‍ය ආර් ඒ ස්‌පිටල් විසින් ලියු පදපෙළක්‌  ඇසුරෙනි

ඉන් මෙපිට ඊට නොදෙවෙනි ලෙස රසික සම්මානනයට පාත්‍ර වු දෙවැනි වැදිජන ගීයේ සියඵ ගෞරව ලැබිය යුත්තා මුණසිංහයන්ය

එහි නාදමාලාව ඇමිණු ඔහු එය සිය විදුහලේ එනම් මහනාමයේ සංගීතය හැදෑරු දක්‍ෂ සිසුවෙකු වු මංජුල නානායක්‌කර වෙත පුහුණු කරවා තිස්‌ස අබේසේකරයන් හමුවට පැමිණවුයේය එහි කථා පිටපතේ චරිතයේ ළමා අවධිය නියෝජනය කරමින් ගැයෙන අවස්‌ථාව සඳහා මේ සිසු දරුවාව තෝරාගන්නට අවසර ලැබිනි 


දශක තුනකට ආසන්නව ගීතකලා කෙතේ නිබඳව ඔබ මොබ සැරිසරූ ඔහුට එකී පදවැලට පණපෙවිය යුත්තා කිනම් හඞක්‌ සතුවිය
යුතු අයෙකු ද යන්න වටහ ගන්නට අපහසු නොවන්නට ඇත එදා ගී කෙත සරුකල නම්දැරූ නොදෑරූ ශීල්පීන් සියල්ල දෙවැනි තැනට ලා සැලකිය යුතු අපුර්ව හඞක තතු විත්ති ඔස්‌සේ හඹා ගිය ඔහු නැවතුනේ රාජ්‍ය නැටුම් කණ්‌ඩායමේදීය

එහි නර්තනයේ නිරත වු සේනානායක වෙහෙරලියද්ද නමැති ශිල්පීයා ඊට වඩාත් ම සුදුස්‌සා වන්නේ යෑයි ඔහු එදා ගත් තීරණයේ සුජාත භාවය ස්‌පුඨ කරවුයේ දයාබර ගී රසිකයන් ම විසිනි 

සිය එකම නිර්මාණයෙන් රසික සිත් එකපැහැර ගත් වෙහෙරලියද්ද එතැන් පටන් වසර ගණනක්‌  ගී ලොව සිය අණසක පතුරුවා හරින්නට සමත් වුයේ සිය හඞින් තවත් නිර්මාණ ගණනාවක්‌ එකපෙළට බිහිකරමිනි ඊට ඔහු ඔස්‌ටින් මුණසිංහ නාමයට නිබඳව ණයගැති විය යුතුය

දිවනසරණ ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂණය මා වෙත පැවරුණු මොහොතේ පටන් මා උත්සහ දැරුවේ ඒකාකාරි ටෙලි නාට්‍ය සංගීතයෙන් ඔබ්බට ප්‍රේක්‍ෂකයා කැඳවාගන්නටය  මීට ඉහතදී මහියංගනය දඹාන වැනි ප්‍රදේශවල දී මා  වැදිජනයාගේ කිරිකොරහ නැටුම පිළිබඳව දැක අවබෝධකරගෙන සිටියා 

මෙහි සංගීතය වෙනුවෙන් මුඵමනින්ම උඩැක්‌කි ගැටබෙර පහතරට බෙරය තාලම්පට හා බටනලාව පමණක්‌ භාවිතා කරනු ලැබුවා

මෙම ගීතය අද ජාත්‍යන්තරයට පත්වීම සම්බන්ධයෙන් මා සතුටට පත්වෙනවා මේ කිරිකොරහා ඒකාකාරි රිද්මයක්‌ 

සේනානායක වෙහෙරලියද්ද ගැමියෙක්‌ මා ඔහු සමග මිට වසර ගණනාවකට උඩදී නාට්‍යකදී එක්‌ව කටයුතු කලා ඔහුගේ හඞ මා මතකයේ තිබුනා

(සත්සර 1996 02 10 දීප්තී ෆොන්සේකා) - උපුටාගැනීම සොඳුරු ගාන්ධර්වයා 87 වැනි පිටුව

යළි ත් දිනක එතැන් සිට .........


Monday, March 5, 2018

ස්වර්ණ ගී රස කලස - 70 දශකය

විසිතුරු පිළිතුරු තොරතුරු අමයුරු - 70 දශකයේ ස්‌වර්ණ යුගයක ගී අංශු මාත්‍රයක්‌ ............................ 


එදා රෑ ගුවන් තොටුපළේදී මා.......
වෙන්වි ගියේ සිතකින් නොවේ ....

නෑ සිය මිතුරන් පැමිණීලා.....

ආසරි සුභ පැතුම් පැතුවා....

ඔබ නාවේ ඇයි මිහිරියේ.......

-----------------------
අසන්න මෙතැනින්



නම් පැණය විමසුවේ එදා යෞවනයේ සිහින සුපිරි තරුව මිල්ටන් මල්ලවාරච්චි විසිනි















වාර්තාගත රසික ප්‍රතිචාර ලැබු මේ නිර්මාණය මෙන්ම වෙනත් එයාකාර ගීත උදෙසා පසුව පිළිතුරු ගී ලිවීම සිදුකරනු ලැබුවේ අදාළ ගීත රචකයා විසින්මය නැතහොත් මුල් නිර්මාණයට පෙම්බැඳි වෙනත් ගායක ගායිකාවකගේ ඇවිටිලි හමුවේ වෙනත් ගීත රචකයෙකු ඔහු ගේ ඇය ගේ පැතුම ඉටුකරයි

ඉහත ගීය පබැඳූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ නම් ප්‍රතිභාසම්පන්න අපුර්ව නිවේදක සහෘදයා මේ යුගයේම ශිල්පී මර්වින් පෙරේරා වෙනුවෙන් ලියු 

මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

--------------------
අසන්න මෙතැනින්



වෙනුවෙන් පුන්‍ය කත්‍රිආරච්චි නම් ගුවන් විදුලි ශිල්පිනිය මෙසේ ගැයුවේ සුනිලා විජේසිංහ නම් ආධුනික කිවිඳියක්‌ වු ගුරු මහත්මිය විසින් ලියු පදපෙළකි ඇය දිවයින මාධ්‍යවේදී ප්‍රවිණ පුවත්පත් කලාවේදී චන්ද්‍රසිරි දොඩංගොඩයන්ගේ ප්‍රිය භාර්යාවයි


මා ඔබමුණගැසුනු අයුරු සිහිකරන්නෙපා........

මා ඔබ වෙන්කෙරුණු අයුරු සිහිකරන්නෙපා............

මේ පදයන්හි සර්වසම බව වටහගන්නට සුවිසෙස්‌ උත්සහයක්‌ ගතයුතු නොවේ 

---------------------
අසන්න මෙතැනින්



ප්‍රවිණ ගුවන් විදුලි නිවේදිකා දයා ද අල්විස්‌ ගේ පදවැළකින් හැඩගැන්වුනු මේ නිර්මාණය නිතිපතා සවනත වැකුනේද ගුවන් විදුලි සරළ ගීයක්‌ ලෙසිනි ඒ මල්කාන්ති නන්දසිරි ශිල්පිනියගේ හඩිනි

සහසක්‌ පැතුමන් ඉපදී මියගොස්‌  - ඉතිරිව ගිය එක පැතුම දරාගෙන....

ඇහැල මහක අඞසඳ පැයූ දා - මතකද සිරි දළදා වැන්දා....

-------
අසන්න මෙතැනින්

එයින් පසු දිනක ඇය ගේ පෑන්තුඩින් ලියෑවුනු මේ නිර්මාණය ප්‍රවිණ සංගීතවේදී සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙත පිරිනැමිනි

සහසක්‌ පැතුමන් නැත මා පැතුවේ - එකම පැතුම පමණකි සිත රැඳුනේ ...

හද අඹරේ අඩ සඳ වැනි නෑනේ - මතකයි සිරි දළදා වැන්දා... 

------

අසන්න මෙතැනින්



ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාම් අදින්නේ......

ගැටව් කතාබහට කඩ එළපත්තේ රංචු ගැහෙන්නේ........

--------------------------
අසන්න මෙතැනින්



ආචාර්ය අජන්තා රණසිංහ ලියු මෙකී පදපෙලක්‌ හටගත් ආන්දෝලනය ඒ යුගයේ දිවයිනේ බලවත්ම සංනිවේදන මාධ්‍යය වූ ගුවන් විදුලියේ ඇසෙන  ගීතයක පවා ප්‍රබල බව පසක්‌ කරගනු උදෙසා මනා නිදසුනකි 

සිය උපන්ගම්පියසේ යොවුනන්ගෙන් හටගත් විරෝධය සමනය කරනු පිනිස හෙතම වහා පියවර ගත්තේ එහි ගායක සනත් නන්දසිරි ගේ ඊලග සරළ ගී වැඩසටහනට මෙසේ ලියාතබමිනි

අකාසේ තාරකා මුහුදේ මඩ උනත් අරන් දෙන්න.......

කෝපි කඩේ දාං අදින ගැටව් හපන්නු .........

--------------------
අසන්න මෙතැනින්



මේ යුග පිළිතුරු ගී ආරේ තවත් සාමාජිකයෙකු බිහිකරන්නට ආචාර්ය අජන්තා සිය පෑන් තුඩ මෙහෙයවමින් ශීල්ප දැක්‌වුයේ මහාචාර්ය අමරා රණතුංග මියෑසි නාදරටා හා අනුගත වනු පිණිසය

පාලු පැලේ මට තනි නෑ හිමියනේ - දුක සංකා ගන්න එපා හිමියනේ .....

විදුලි අකුණු මේඝ වළා  - එතෙර ඇදෙන්නයි......

සතර වරම් දෙවි පිහිටෙන් - මෙතෙර දකින්නයි........

-------------------
අසන්න මෙතැනින්



මෑත දිනක පතිකුලයට වන් තමා වෙනුවෙන් සිය දයාබර ධිවර සැමියාණන් ගේ හදේ තෙරපෙන පහත කී සිතිවිලි දහර ඉවකරමින් ඇය එසේ පිළිතුරු දෙයි 

මංගල මධු සමය පතා  - කුලගෙට ආ රූපිකාව.......

පාඵ ලොවක තනිකරදා දියඹට යනවා - කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා.........

------------------
අසන්න මෙතැනින්




ඈත දිනක ගුවන් විදුලි රසිකයන් මන්මත් කල උපාලි ධනවල විතාන ගේ ඉහත කී  වදන් පෙළ සරසාලු සත්සර පෙළ සරත් ද අල්විස්‌ සංගීතඥයා ගේය 

එදවස ගුවන් විදුලි නිවේදක සංසදයේ ගී පද ගෙතුවන් අතරින් දැවැන්තයෙකු වු කේ ඩි කේ ධර්මර්වර්ධන සිය මිතුරු ගායක සහෘදයෙකු වු චන්ද්‍රකුමාර් කඳනාරච්චි  ගේ ඇරයුමක්‌ ලැබෙන්නේ දෙදෙනා ටොරින්ටන් හී ගුවන් විදුලිය ට නුදුරු ජාතික කිරි මන්ඩලයේ (වර්තමාන මිල්කෝ සමාගම) සුදු රත් පැහැ තීරු පින්තාරු වලින් වර්ණවත් වු කිරිහලේ අසුන් ගෙන සිටියදීය

කේ ඩි කේ ගේ පදපෙල ලියු කඩදාසිය වෙත නෙත් යොමමින් 

චන්ද්‍රකුමාර් -  මේකනම් ලොක්‌කා අනුමත කරන එකක්‌ නෑ කේ ඩි කේ..... අනිවාර්යෙන්ම තහනම් කරනවාමයි

කේ ඩි කේ  - තහනම් කරනවා ???? ආ එහෙමද ??? හරි (කඩදාසිය පසුපිට හරවයි පෑන එහි රඳවමින්)  එහෙනං ....... තහනම් නේද ?

(ඔහුගේ මුවින් වදන් වැල් පිටවෙයි ඒවා කඩදාසියේ ලියෑවෙයි)

ඇගේ සිනහව තහනම් (හරිද ?).....

ගෙදරින් මට තහනම්.....

සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්...

චරපුරුෂයෝ දැන් මා වටලා......

යන එන හැම තැන් මුරදාලා.....

----------------------
අසන්න මෙතැනින්



නමින් එහි ලියෑවි තිබිනි උපාලි කන්නංගර නම් සුන්දර ලිඩ් ගිටාර් වාදකයා ගේ සත්සර හමුවේ ඔබ රසවිඳින්නේ මේ ගීයයි 

යලිදු දිනක කේ ඩි කේ සිය මිතුරා ට නැවතත් මෙසේ සටහන් කර දුන්නේ ඔහු ගේ වෙළඳ තැටියේ අඩුව සපුරාගනු පිනිසය


සිනහව ඇගේ තහනම් වු පසු පෙර දවසේ.....

මා නොයනා ගුරු පාරක්‌ ඇත මේ පදෙසේ.....

එහි වු තුරුවැල් මල් ගැන නෙදනිමි පෙරසේ....

එනමුදු මග සළකුණු තවමත් ඇත මනසේ......

---------------

අසන්න මෙතැනින්


ප්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මුණගැසෙන්නට පැමිණි නවක තැටි ව්‍යාපාරික විජය රමණායක සිය තරංගා ලේබලයේ දෙවැනි ඊ පී තැටිය උදෙසා සහය පැතුවේ 1976 වසර තරම් දුර යුගයේදීය

එදවස යෞවනයේ රිද්මය මිල්ටන් ගේ ඉහත නිර්මානය සිහියට නගාගත් ඔහු ගේ පෑන්තුඩ ක්‍රියාත්මක විය 

මිල්ටන් හඞට අරූඩ වු පෙම්වතා ගේ විරහා වේදනාව ඔහුගේ හදිදිනු ළබැඳි පෙම්වතිය හඳුනනු ලැබ ඇත්ද ? ඇය ඔහුට කෙසේ පිළිවදන් දෙනු ඇද්ද ?

ඇය එතෙර රටකට පියඹා යන සිය ළබැඳියාණන්ගෙන් මෙසේ විමසයි

ගුවන් තොටුපොළ ඔබ හමුවන්නට  නාව නිසා තරහද ඔයා ?


ගිය ඉරිදා ඔබ මා සමගයි....
මේ ඉරිදා ඔබ වෙන තැනකයි.....
වෙන තැනකයි වෙන රටකයි...
ඒ මුත් මගේ හිත ඔබ සමගයි....

ඔබ නැති පාලුව සිතට දැනෙයි....
සෝගිනි දැල් හද තුල ඇවිලෙයි....
ඔබ සිටියා අහස ඉරාගෙන ....
වෙගෙන් ඉගිලෙනු මා දුටුවා....

ගුවන් තොටුපොළ ඔබ හමුවන්නට....
නාව නිසා තරහද ඔයා ?.....

ඔබ ගිය දා සිට මේ වෙනතුරු මම.....
කඵඳු විමානෙක දිවි ගෙවමි.....
කවදෝ යළි ඔබ එන දිනයක....
මා කැඳවාගෙන යනු මැනවී........

මේ හඞ අවදිකරනු පිනිස සංඥා නංවන්නේ සොඳුරු මවුත්ඕගන වාදනයකිනි එය එහි පිවිසුම් නාදමාලාවයි

-----------------------------------
ලේබලය - තරංගා ලේබලය - 1977

වර්ගය - 45 භ්‍රමණ වට ඊ පී 

නිෂ්පාදනය - විජය රාමණායක - තරංගා රෙකෝඩ් බාර්  - කොටුව කොළඹ 01

පද සංකල්පනය - මෙල්රෝයි ධර්මරත්න

තනු සංකල්පනය - මෙල්රෝයි ධර්මරත්න

සංගීත සංයෝජන සංකල්පනා - මෙල්රෝයි ධර්මරත්න

ගායනය - ඉන්ද්‍රාණී පෙරේරා

--------------------------------
අසන්න මෙතැනින්


තමා පබැඳු නිර්මාණයට තමා විසින්ම සත්සර මුසුකරවා තමන්ම ඊට වැයෙනා වද්‍ය රටා පෙළගස්‌වනු ලැබුවෝ විරළය ඔවුහු 
දැවැන්තයෝ මය ආනන්ද සමරකෝන්  -සුනිල් සාන්ත - පන්ඩිත් අමරදේව හෙළ ගී කෙත එකාලෝක කල පහන් ටැම් පෙළ අතරට ඒ විස්‌කම එයාකාරයෙන්ම  පෑ ක්‌ලැරන්ස්‌ විජේවර්ධන - මෙල්රෝයි ධර්මරත්න වැන්නෝ ඇතුළත් නොවිය යුතුද ? ඔවුහු සියල්ලෝ වාග්-ගේය-කාරයෝ (වදන් - තනු - ගායනය)  වෙති

ක්‌ලැරන්ස්‌ පිළිබඳව කියෑවුනු ලියෑවුනු දෑ බොහෝය එහෙත් ඔහු පිළිබඳව අවර්ජනය නොකර සිටින්නට එය කිසිසේත් හේතු විය යුතු නොවේ සිංහල පොප් ගීත කලාවේ පුරෝගාමි මෙහෙවරක යෙදී එය සිය ශක්‌ති පමනින් දියුනු තියුණූ කරවා ප්‍රචලිත කරන්නට ඔහු කල කැපවීම කෙසේ නම් ලඝූ ලුහු කොට සලකන්නද ?


ඉහත ලියෑවුනු තැටි ගී කලාවේ මතු දිනය සරු කරනු වස්‌ එදවස ඔහු දැනඋගත් නූගත් සියල්ලෝ හට අසනු පිනිස මෙසේ ලියා තැබිය

ගමෙන් ලියුමක්‌ ඇවිල්ලා - අක්‌කගෙන් වාගේ.....

මොකක්‌ කියලාද දන්නෑ - එහි ගියෙත් නෑනේ.......

---------------
අසන්න මෙතැනින්


මේකී ලිපියට පිළීතුරු ලෙස කියෑවුනු තතු විත්ති වලට අමතර යමක්‌ යළිත් මෙලෙස කියා සිටියි


දයාබර අක්‌කේ ....

කලක්‌ ගත වි ගියා - තවම නෑ පිළිතුරක්‌ ලියා......

අදම මෙය ලියමි යෑයි කියා - ලියන්නේ වැඩ දහක්‌ කියා...

ගමේ එන්නට සිතේ තියා - සිතුව මුත් සති ගනන් ගියා....

ඉවරයක්‌ නැති ලියුම් ලියා - පලක්‌ නෑ මම ගමේ නොයා......

---------------
පද සංකල්පනා සහ තනු -නැසිගිය ක්‌ලැරන්ස්‌ විජේවර්ධන විසිනි
------------------
අසන්න මෙතැනින්


තාක්‍ෂණ විප්ලයකට හසුව වේගයෙන් පරිණාමය වෙමින් යන වර්තමාන මානව සමාජය පාරිභෝජනවාදය මත සියඵ අගයන් රඳවා තබාගනු ලබයි මින් දශක පහක තරම් දුර අතීතයක සංකීර්ණ නොවු අවශ්‍යතා අවම වු සාමුහිකත්වය මත රැඳුනු ගුණාංග රැකි මානව සමාජයක තොරතුරු පැතිකඩක්‌ මෙහි පෙළගැස්‌වු නිර්මාණයන්ගෙන් හෙළිකෙරෙයි



ස්‌තුතියි

ප්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න

ප්‍රවිණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර් කඳනාරච්චි

එදා ඇසුණු ගී - ගී මුතු මාලා - බ්ලොග් ගේයකාව්‍ය සඳැල්ල


06 මාර්තු 2018





දි

Wednesday, February 7, 2018

ආලය නම් මනුදම් සුරකිම් නිති - එතැනය සුරලොව නම්...............



ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ....... 08 වන පෙළගැසුම...

ආලය නම් මනුදම් සුරකිම් නිති - එතැනය සුරලොව නම්...............අපි කෝවිලේ වඳින දෙවියෝ ඔයාලා වගේ ම තමයි .....

මේ යුගයේදී රූපවාහිනි නාට්‍යය අංශය විසින් පැරණි වේදිකා නාට්‍ය ප්‍රතිනිෂ්පාදනය කරමින් මැදිරි රූ ගත කිරීමේ ව්‍යාපෘතියක්‌ දියත් කරනු ලැබිය ඒ අනුව 60 දශකයේ මුලින්ම වේදිකා ගතකල  බන්දුල ජයවර්ධන ගේ බෙරහඞ යළි පණගන්වන්නට මුණසිංහයන් හට පවරා තිබිනි

පසුව ප්‍රවිණත්වයට පත්වු ජැක්‌සන් ඇන්තනි ප්‍රමුඛ අනුලා බුලත්සිංහල ගාමිනි සමරකෝන් ග්‍රැන්විල් රොද්‍රිගෝ ඇතුඵ පිරිස රංගනයෙන් දායක වු ඊට ඔහු සිය සුපුරුදු දේශිය සංගීත සංකලනය ආදේශ කරවිය 

හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්.....

මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි නට නටා වරෙව්......

තොපිට හරිම වාසියක්‌ නට නටා වරෙව්.....

යකෝ තොපිට හරිම වාසියක්‌ නට නටා වරෙව්.....

වැඩේ අමාරුත් නැතේ තෑගි ටිකත් හරි අගේ.............

(නව පිටපත ගැයුම - රොඩ්නි වර්ණකුල)


මෙතැනින් සවන්දෙන්න
-----------------------------


බලි තොවිල් හි වැයෙන සාම්ප්‍රදායික පහතරට යක්‌ බෙර වාදනය පසුබිමින් ඇසෙයි 

-----------------
සේයාරැව - මුණසිංහ යුවල උත්සවයකට සහභාගි වෙමින්
-----------------------
1983 ජූලි ලාංකීය සිනමා ක්‍ෂේස්‌ත්‍රය ද  ගීත කලාව ද එහි ආර්ථිකය හා එක්‌වෙමින් දශක ගණනක්‌ තරමින් පසුපසට ඇද දමමින් චිත්‍රාගාර  - කලා ව්‍යාපාරික ආයතන සමගින් ඒවා වෙනුවෙන් සිය දහඩිය කඵඳු හෙඵ සේවක කාරකාදීන් ද නිරය ට හෙළාදැමු යමදූතයන්ගේ ජයපානෝත්සවය දියත් වු සමයයි

අභිනවයෙන් ඉදිකෙරුණු මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ යම්තමින් දෙවසරක්‌ සැපිරූ සාමාජිකයන් වු මුණසිංහ නිවස්‌න මතුමහළේ ද දිවිගෙවුයේ හිතවත් බාලසුබ්‍රමුනියම් පවුලේ සමාජිකයන් ය ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරීවරයෙකු ලෙසත් ඇය නුදුරින් පිහිටි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධවේදිනියක්‌ ලෙසද කටයුතු කරමින් සිටියේ සිය සිගිති දරු දෙදෙනා මිත්තණිය හා නැගනිය ද සමගිනි 

යමදූතයන්ගේ මධුපානෝත්සවය ආරම්භ වි තිබුනු අතර ව්‍යාපාරික ස්‌ථාන හා නිවෙස්‌ දවා අඵ කරමින් ගිණිදඵ හා මුසුවු කඵ දුම් රොටු අගනුවර අහස්‌ කුස වසා පැතිරෙමින් පැවතිනි

සිය නිවස ඉදිරිපිට විශාල තිරයක්‌ එල්ලු මුණසිංහයන් සිය සුපුරුදු දින චරියාවෙන් බැහැරවෙමින් විශේෂ කටයුත්තකට සුදනම් වුයේය සිය පියාගේ සුපුරුදු වැඩ කටයුතු හුරු පුරුදු දරුවන්ගෙන් පැණයකි

තාත්තේ නාට්‍යයක්‌ පෙන්නන්නද හදන්නේ ?........

ඔව් ඔව් මේකත් නාට්‍යයක්‌ වගේ තමයි .......

පිළිතුරු සැපයු ඔහු ගේ සැලැස්‌ම අවසානයේ සුබ්‍රමුණියම් ගැබිණි බිරිඳ ඇතුඵ පවුලේ සාමාජිකයන් සියල්ලෝ මුණසිංහ නිවසේ ලැගුම් ගන්වනු ලැබිය එහි දරුවන්ගේ කථාබහ යටපත් කලේ මහ හඞින් දෙදරමින් ක්‍රියාත්මක වු ගුවන් විදුලි යන්ත්‍රයයි

අඳුර වැටෙන යාමයේ  සජිවි නාට්‍යයක්‌ රගදක්‌වන්නට සියල්ල සුදානම් ය බෙරහඞ වේදිකානාට්‍යයේ යකුන් රැළ පරදවාලු යමදුතයන් රැළ සුබ්‍රමුනියම් නිවස ට ඇතුඵවු බවට සළකුණු දිස්‌වන්නට විය ගෘහ භාන්ඩ පිගන් බඩු පොළොවේ ගසන හඞ විදූරු පොඩිවි බිඳියන හඞ පසුබිමේ මුණසිංහයන් ගේ හඞ අවදිවිණි

බඩුමුට්‌ටු නම් කවදා ගන්න බැරියෑ ඔයාලගේ ජීවිත බේරාගන්නට ලැබුනු එක ගැන සතුටු වෙන්න........

අපි කෝවිලේ වඳින දෙවියෝ ඔයාලා වගේ ම තමයි ............

බාලසුබ්‍රමුනියම් ගේ සංවේගාත්මක සැළෙන හඞ අවදිවිය

හිරු නැගෙන යාමයේ ඔවුන් ආරක්‍ෂක අංශයන්ගේ රැකවරණයට පත් කල ඔහු සැනසුම් සුසුම් හෙළා සිය හදවත සැහැල්ලුකරගත්තේය
--------------------
මහනාමයේ සිය සිසු කැළ සමගින් ගීතයක් පුහුණකරවු අවස්ථාවකි
----------------------------

තමා නිරතවු  ක්‍ෂේත්‍රයන් ද්විත්වය නියෝජනය කල  හිතමිතුරාණෝ සරත් දසනායකයන් ඔහුට ගුරු උපදේශක තනතුරකට අයදුම් කරන ලෙස දුන් උපදෙස එකහෙළා ප්‍රතික්‍ෂ්පකලේ සිසු දරුවන් ඇසුරේ ඔවුනට සිප් සතර බෙදාදෙමින් ලබන තෘප්තිය තමන්ට අන් කිසිම අයුරකින් නොලැබෙන බව කියා සිටිමිනි



මේ අතර විශාරද නන්දා මාලනි සිය කැසට්‌ පට මාලාව ට සමගාමිව ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක්‌ පවත්වන්නට කටයුතු සුදානම් කරමින් සිටියාය විරෝධාකල්ප ගී පොකුරකින් සිංහල ගී කෙත අස්‌වද්දන්නට සමත් වු එය පවන නමින් නම්කෙරිණි  සුපුරුදු පරිදි මහඇදුරු සුනිල් ආරියරත්නයන්ගේ ගී නිර්මාණයන් ගෙන් පොහොසත් වු එහි සත්සර මුසුකරවාදෙන ලෙස මුණසිංහයන්ගෙන් ඉල්ලා සිටියාය


හෙළ ගී අඹර පෑයු පහන් තරුව බඳුවන් ඇයගේ ගී ප්‍රසංගයක්‌ වෙනුවෙන්ම අභිනවයෙන් නිමැයු නිර්මාණ පෙළකට සැළකිය යුතු මට්‌ටමකින් සිය  දායකත්වය පළකරන්නට ලැබිම නිසාත් එය ඉතා සාර්ථක වු නිසාත් ඔහු  අපමණ එහෙත් නිහතමානි සතුටක්‌ වින්දේය

පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය ...............

ගමේ අයට නම් ගජමන් නෝනාය ..................


කවිකොළ කියන්නේ දෑහින් දුටු දේය ..............

වට වන්දනාවේදි නඩයම දුටු දේය .............

වඳිනට ගිය කලට නුවරට දළදාව ................

ගමේ චන්ඩි ඉස්‌ටැන්ලි ද සිටියාය ........

යාඵවෝ නිළමේලා දොරහැර දුන්නාය ..................

ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය ..........................

මෙතැනින් අසන්න
------------------------

ම්මත ගීත ආකෘතියෙන් බැහැරව නිර්මාණය වී ඇති මෙම ගීතය පර්යේෂාන්තමකය ගැමියා අත නිතර ගැවසෙන බටනලාව මෙම ගීයෙහි ප්‍රධාන භාන්ඩය වේ ගීතයෙන් ප්‍රකාශ වන උපහාසාත්මක බව තීව්ර කිරීමට විෂම ජාති රිද්ම රටාවක්‌ ද භාවිත වීම බොහෝ අය නුදුටු විශේෂත්වයකි 

අප හොඳින් අසා පුරුදු සමුද්‍රඝෝෂ විරිත මේ ගීතයෙහි අනු ගැයිය (අන්තරා කොටස) විය

රාගධාරි සංගීතයේ ස්‌වර 12 න් 11 ක්‌ම මේ ගීතයට ඇතුළත්ය 

(උපුටාගැනීම - සොඳුරු ගාන්ධර්වයා -පිටුව 137)

නැවතත් දිනක හමුවෙමු.....

ස්තුතියි - අචිරවතී යාලගම මුණසිංහ මහත්මිය වෙත


Tuesday, January 23, 2018

එඩ්වින් සමරදිවාකර නිර්මාණ ආවර්ජනා .......

මර්සලිනු ජයකොඩි පියතුමා  - සුනිල් සාන්ත - එඩ්වින් සමරදිවාකර - කරුණාරත්න අබේසේකර - ප්‍රේමකීර්ති ද අල්විස්‌  යුගයක විසිතුරු - (1956-1976)

ගී කව්පද රචනය ඇතුඵ වෙනත් සාහිත්‍ය රචනයන්හිදී කව්‍යාලාංකරණය තුලින් පරිසර වැනුම් සඳහා යොදා ගන්නා බස්‌ වහරේ නිතර උපයෝගී කරගන්නා සත්ව වර්ග නාමයන් කිහිපයකි


(රණ) මොනරා හෙවත් රණමයුරා (රණ) හංසයා හෙවත් රණතිසරා - සැළලිහිණියා ආදී මෙකි නොකී පක්‍ෂීන්ද මුව - වගවළස්‌ - සිංහ ආදී සිවුපාවුන්ද නයා පිඹුරා වැනි උරග ගණ නාමද ඒ අතර වෙති 

සත්ව මළකුණු බුදින පිළිකුල් සහගත උරග සමාජිකයා කබරයා එනම් කබරගොයා  ඉහත සත්ව ගණයා හා නොපෑහේ ඔහු සිංහල සාහිත්‍ය වංශ කථාවේ හමුවන චරිතයක්‌ නොවුවද හෙළ ජන ගීයේ නොසඳහන් නොවේ


ටිකිරි ටිකිරි ටිකිරි ලියා  - කලෙත් අරන් ළිඳට ගොයා......

ළිඳ වටකර කබරගොයා - කකුල කාපි දියබරියා.....

යන මේ අතිශය ජනප්‍රිය ජන කවිය අනුව යමින් වරෙක හෙළයේ මහා ගාන්ධර්ව ගුරුදෙවි සුනිල් සාන්තයන් මෙසේ ගැයුවේය


ටිකිරි ටිකිරි ටිකිරි ලියා  - කලෙත් අරන් ළිඳට ගොයා....

ළිඳ වටකර කබරගොයා - ටිකිරි දැකලා පැනලා ගියා.....

ටිකිරි - ටිකිරි - ටිකිරි  - ටිකිරි - ටිකිරි - ටිකිරි - ටිකිරි මලී.......

--------------

සවන්දෙන්න 

ගුවන් විදුලියේ ඊර්ෂ්‍යා පරවශ බලවේග විසින් 1950 දශකයේ උදාවේදී නෙරපා හැරි ඔහුගේ 60 දශකයේ අවසන් භාගයේ සිදුවූ  පුනාරාගමනයේදී බිහිවු මෙම ගීතය  එදා යුගයේ රසිකයන් ගේ ගී පවස සංසිඳවු නිර්මාණ අතර නිති රැඳී පැවතිනි

එහෙත් ඊට පෙර ඉහත මුල් ජන කවියේ ආභාෂය ලබමින්දෝ  ස්‌වර්ගස්‌ත ගරු මර්සිනු ජයකොඩි එනම් පන්සලේ පියතුමා ලෙසින් විරුදාවලිය ලද එකම කතෝලික පැවිදි උතුමා සිය සමිප ඇසුර ලැබු සුනිල් සාන්තයන්ගේ මියෑසි රටා අනුව මෙසේ ලියා තැබුවේය

කබරගොයා උගේ සුරතලී - සෙයා ඇදේ නගා දියසුළී......

නැඹුරු වි බලා කුඩා සුදුවළා  - ඔබේ රුවට වශී වෙලානේ....

යමු නැළවිල්ලේ නැළවිල්ලේ - නැළවිල්ලේ....

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ.....


ඒ රසිකයන් බොහෝ දෙනෙකු දැනුවත් පරිදී ශ්‍රී ලාංකීය ප්‍රථම අව්‍යාජ හෙළ ගැමි සංස්‌කෘතිය විදහා පෑ සිනමා සිත්තම වු ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ ගේ රේඛාව වෙනුවෙන් ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි එහි සත්සර මිහිර මවන්නට එකගත්වය පළකල සුනිලුන් ගේ කොන්දේසියක්‌ අනුවය

ඉන් දශක දෙකකටද පසුව එදා නව පරපුරේ යොවුන් ගී නාදයෙන් යව්වන රසිකයන් මන්මත් කල වික්‌ටර් රත්නායක ගේ ගීයකට පද මුසුකල ප්‍රේමකීර්ති ද අල්විස්‌ ද අඩුවැඩි ලෙසින් සිය පුර්වගාමීන් කළ කි දෑ ගුරු කොට ගන්නට ඇත


ළිඳ ලගටා යන්ට එපා දියබරියා කයි - වැට ලගටා යන්ට එපා කබර ගොයාඑයි.....

ගග ලගටා යන්ට එපා අභිමානා එයි - ගම හැරදා යන්ට එපා මා මෙහි තනිවෙයි......

----------------
සවන්දෙන්න 



රේඛාව රිදීතිරයේ ඇඳී තෙවසරක ඇවෑමෙන් එන්ම 1958 වසරේදී කළඑළි බට දස්‌කම සිනමා සිත්තමේදී මෙසේ ඇසුණු ගී හඞකි 

බඩ බිම තියා - තියා - යනවා - යනවා - කබරගොයා ............................

මනමාලියේ වෙලේ පිළිහුඞු හාමිනේ - මට තේරුනා බැලු කාරනේ ........................

ගොයම් පැසිලා කුඹුරේ - රන්වන් කරල් පැසීලා දිලේ ...................

හෝ හෝ ... රන්වන් කරල් පැසීලා දිලේ .............................

----------------
සවන්දෙන්න 

Music File Hosting - Play Audio -
ගී පද රචනා කලාවේ අටවැනි වස ගතකරමින් සිටි කරුණාරත්න අබේසේකරයන් එසේ ලියා තැබුවේ රේඛාවෙන් සිය කෝකිල නාදය නැංවු යව්වනිය ඉන්ද්‍රාණි විජයබන්ඩාර වෙනුවෙනි


එවකට ප්‍රේක්‍ෂක ප්‍රවණතාවය වු ද්‍රවිඩ වට්‌ටෝරු සිනමාවෙන් නොමිදුනු මෙකි නිර්මාණය ද දක්‍ෂිණ භාරතීය අධ්‍යක්‍ෂ නීලකණ්‌ඨන් ගේ වල්විලේ ඔරුනාල් කතා පුවතේ අනුකරණයක්‌ බව මහඇදුරු සුනිල් ආරියරත්න විසින් සඳහන් කර ඇත ලාංකීය මුල්ම සිනමා වෘතාන්තය වු කඩුවුනු පොරොන්දුව අධ්‍යක්‍ෂණය කල ඉන්දීය ජාතික ජ්‍යෙතිෂ් සිං එය මෙහෙයවනු ලැබීය

සිමාසහිත සිලෝන් තියටර්ස්‌ වෙනුවෙන් මුල් යුගයේ විකට නඵවෙකු ලෙස ජනාදරයට පත් බර්ට්‍රම් ප්‍රනාන්දු එහි නිෂ්පාදන අධිකාරි ලෙස කටයුතු කලේය


මේ සටහනේ පුර්වීකාව මෙසේ අවසන්කරමින් පිවිසෙන්නේ මේ සුමධුර නාදමාලාවේ නිමැයුම්කරුවා ගේ පුවත කියාපානු පිණිසය

ඔහු යව්වනවිය පසුකර යන්නටද පෙර මෙහෙවර නිමා නොකර නික්‌ම ගිය සංගීතඥ එඩ්වින් සරමදිවාකරයන්ය 

1916 වසින් ඇසළ මස 22 දිනදී බස්‌නාහිර පළාත්බද වත්මන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් කටාන ග්‍රාමයේ ජන්ම ලාභය ලැබු සමරදිවාකර ඒ දිස්‌ත්‍රික්‌කයේ අනෙත් අන්තයේ දොම්පේ පැලහැල වලව්වේ විලියම් සමරදිවාකර සහ කටානේ පී ඩී එලිසබත් දම්පතීන්ගේ පුතණුවන්ය

කිතුණු ජනසංයුතියෙන් සාර වූ මීගමුවේ කිතුගොස නැංවු මාරිස්‌ටෙලා විදුහලින් අකුරු කල හෙතම සිය  පියාණන්ගේ වයලීන් වාදන මිහිරෙන් මන්මත්ව ආත්මීය ජන්ම වාසනා මහිමයෙන් ලද ශිල්පීය ඥානය උපයෝගී කරගනිමින්දෝ ගුරු ඇසුරකින් තොරවම ජපන් හා ඉන්ග්ලිෂ් මැන්ඩලීනය හැඞවීය

සුප්‍රකට සඳලංකාවේ සුබසිංහ පවුලේ සාමාජික ටියුඩර් සුබසිංහ රාළහාමි ගේ මග පෙන්වීමෙන් නයිනමඩමේ ජේ කේ එස්‌ පෙරේරා නම් සංගීත ගුරුවරයා යටතේ ක්‍රමවත්ව සංගීතය හැදෑරිය

වද්‍ය භාන්ඩ ඇසුරේ විවිධ අත්හදාබැලීම් කරන්නට නොහිම් ආශාවකින් පෙළෙන්නට වූ හෙතම වරෙක ජපන් මැන්ඩලීනයක්‌ වයලීනයේ අඵවෙන් වයන්නට උත්සහ දැරීය

එක්‌තරා දිනක ගුවන් විදුලියෙන් ඇසුනු සුමියුරු වාද්‍ය සංගීතයකි සිදුවිය යුතු ලෙසම ඊට වද්‍ය වෘන්දයක සහය ලැබිය යුතුය යමෙකුට එසේ හැගී ගියද ඒ වැඩසටහන මෙහෙයවු ප්‍රවිණ පුරෝගාමි නිවේදක ඩී ඇම් කොළඹගේ එසේ නොවීය එය ඔහු දෙබැම හකුඵවාලු විස්‌මයජනක දසුනකි

එක්‌තරා යව්වනයෙක්‌ සිය පාදයක ගෙජ්ජි වැලක්‌ රුවාගෙන එය හඞවන්නේ අතදැරි වයලීනය වයමින් නර්තනයක යෙදෙමිනි වහා ගොස්‌ අසල තිබු මැන්ඩලීනය ගෙන එය වයන්නට පටන් ගත්තේය යළිත් වයලීනය අතදරා එය වයන්නට විය ඔහු  අන් කිසිවෙක්‌ නොව මේ යව්වන එඩ්වින් සමරදිවාකරය

ටියුඩර් සුබසිංහ රාළහාමි ගේ ආශීර්වාදයෙන් භාරතයේ ශාන්ති නිකේතනය වෙත යොමුකරනු ලැබු සමරදිවාකරයන් ගේ අභිනව ගුරුවරයා වුයේ සුසිල් කුමාර් හංජා චෞද්රිය

එහි ශිල්ප හදාරනු පිනිස සැපත් වු භාරතයේ යසිසුරු ලත් ප්‍රභූ පවුලක සාමාජිකාවක්‌ වු ප්‍රීතී ඝෝෂ් සුප්‍රකට ටාටා සමාගමේ ඉංජිනේරු සිය පියාණන් ඇතුඵ පවුලට එරෙහි වෙමින් සමරදිවාකරයන්ගේ සෙවණ ද රැකවරණයද පැතීය 

විනයවිරෝධියෙකු බවට පත්ව තාගෝර් සෙවණින් නෙරපා හරිනු ලැබ සිටියදී චෞද්රි ගුරුවරයා සිසු දරු පෙම් උපදවා සිය ප්‍රියතමයා වෙනුවෙන් මැදිහත් වහා මැදිහත්විය

හෙළද්වීපය නිදහස්‌ අරුණඵ ලැබ වසරක ඇවැමෙන් පෙරළා පැමිණි මේ නවයුවල බටහිර වෙරළ තීරයේ නගාරාශ්‍රිතව සංගීත පාඨමාලා ඇරඹීය

ඔහුගෙන් ස්‌වරඥානය ලබන්නට වසනා මහිමය ලද්දෝ අතර පසුව හෙළ ගීතයට අපිරිමිත සේවයක්‌ කල ලයනල් අල්ගම සහ ශාන්ති දිසානායකද මෙන්ම ජේර්ජ් පල්ලේවත්ත එච් එම් පියසේන වැන්නෝ ද සිටියහ

ලංකා ගුවන් විදුලියේ ස්‌ථාවර වාද්‍ය වෘන්දයක පහළවීම සිදුවුයේ සමරදිවාකරයන් ඒ හා බැඳුනු 1952 වසරේ දීය ඒ වනවිට සුනිල් සාන්ත නම් මහා ගාන්ධර්වයාද එයින් නික්‌ම ගොස්‌ සිටියේය

මේ වාද්‍ය වෘන්දයේ සාමාජිකයන් අතර

ජේ ඒ පොඩි අප්පුහාමි  - (තබ්ලා) - ගායන ශිල්පී ජේ ඒ මිල්ටන් පෙරේරා ගේ පියාණන්

ඇම් ඒ පියදාස  - (වයලීන්)

සදානන්ද පට්‌ටිආරච්චි (දිල්රුබා)

ඒ ජේ කරීම් - (ක්‌ලැරිනට්‌)

ඩී ඩී ඩැනි - බටනලා 

යන පසුව හෙළ ගීතය පොබකරන්නට දායකත්වය දැක්‌වු සාමාජිකයන් ගෙන් සමන්විත විය


ශ්‍රී චන්ද්‍රරත්න මාණවසිංහයන් ඇතුඵ කන්ඩායම මේ යුගයේ එනම් 50 දශකයේදී ගුවන් විදුලියේ නවාංගයක්‌ වු ගීතනාටක රචනා කිරිමේ යෙදී සිටියහ ඔහුගේ සෝණගං තීරය ගීත නාටකය මියෑසි නාද රටා සමරදිවාකරයන්ගෙනි ගැයුම පුෂ්පාරාණී ආරියරත්නගෙනි

සුළග හමා ළපලු නටයි  - රහස්‌ කියා ආදරේ

ලලිත ලතා මඩුලු පෙනෙයි - සෝණ ගගේ ගං තෙරේ

සවන්දෙන්න 

මෙකී දශකයේදී  ගුවන් විදුලියේ රවින්ද්‍රනාත් ඨාකුරයන්ගේ ගීත ගැයූ වංග ජාතික ප්‍රිතී ඝෝෂ්  - එඩ්වින් කැදැල්ලට එකඵ කලේ ග්ලැඩ්වින් සහ ඩොනල්ඩ්ය 

තමා පෞද්ගලික දිවිය හා ගීත කලාව එකක්‌ම ලෙසින් සැලකු සමරදිවාකරයන් දිවා  - රෑ ඒ වෙනුවෙන් ගතකලේය නිදිවැරුවේය හෘදරෝග සම්බන්ධයෙන් ලැබුනු අනතුරු හැගවීම් නොතකා හරිමින් සිය සුපුරුදු දිනචරියාවෙන් බැහැරව යන්නට අදිමදි කලේය

ළමාකාලයේ සිට සිහින මැවූ ලෙස සංගීත ශිල්පයේ විවිධ අත්හදා බැලීම් පුඵල් කරමින් දිල්රුබාව සහ එස්‌රාජයේ මුලධර්ම එකමිටට මුසුකරවා තැනු වාද්‍ය භාන්ඩයට දිල්රාජ් යෑයි නම් තැබිය වරෙක සාම්ප්‍රදායික පංච තුර්ය නාද මන්ඩලයේ වාද්‍ය භාන්ඩයක්‌ වූ හොරණෑව වඩාත් ක්‍රමවත් කරන්නට පියවර ගත්තේය

මේ යුගයේ හෙළයේ මුල් පිටුව හොබවමින් සිටියේ එහි පහළ වූ අභිනව දේශපාලන පක්‍ෂය එනම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයයේ පුරෝගාමියා වු එස්‌ ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක සිරිමතුන්ය සහසිකයෙකු ගේ වෙඩි පහරකින් මෙළොව දිවිය නිමා කරන්නට සිදුවු ඔහු වෙනුවන් සෝ ගී මාලා ලියෑවිනි ගැයිනි ඊට සුනිල් සාන්තයන් ද තවත් අයද සහභාගි වෙද්දී ස්‌වර රචනයෙන් දායකවන්නට සමරදිවාකරයන් වර ලැබීය

එතැන් සිට දොළාස්‌ දිනක්‌ සටහන් කරමින් හිරු නැග බැස යද්දී දිනක ගුවන් විදුලි කාර්යාලයේ යළිත් සෝ සුසුම් මාලා රැව් දෙන්නට විය ඒ එහි වාතලය සිසාර දිවගිය ගී හඞ අතරේ මුසුවෙමින් ඇදිගිය එඩ්වින් සමරදිවාකරනම් මේ ජවසම්පන්න ප්‍රතිභාපුර්ණ ගාන්ධර්වයාගේ   අවසන් සුසුම් පොද වෙනුවෙනි ඒ 1959 වප් මසින් 08 වැනි දාතමිනි

ඒ කුටුම්භයේ දරුකැළින් තෙවැන්නාගේ ආගමනය සිදුකරනු වස්‌ සිය මව්පිය තුරුළට වන් ප්‍රිති ඝෝෂ් හෙවත් සමරදිවාකර පතිනිය දරාගත නොහි කම්පිතව සිය සැමියාගේ දේශයට වෙත අවසන් වරට පියනැගුවේ ඔහුට සමුදෙන්නටය

සිය පෙම්බර සැමියාණන් පණ සේ සුරැකි වාද්‍ය භාන්ඩ ඔහුගේ ම ගෝල පිරිස වෙත පරිත්‍යාග කලේය ඔහු නිදන තැන ස්‌මාරකයක්‌ ගොඩනගා මතු කිසිදින ලක්‌දිව පා නොතබනු පිනිස සිය මව් භුමිය වෙත නික්‌ම ගියාය

සිය පියාණන් ගේ උනුසුම් සුව පහස ලබන්නට වරම් නොලද  දියණිය රූමා පිළිබඳ නොපැහැදි මතකාඅවර්ජනය සිදුකලේ සමරදිවාකර ගෝල පිරිස විසිනි

එඅයුරින් අකලට මිලිණව ගිය අමිල හෙළ ගී කුසුම එඩ්වින් සමරදිවාකරයන් පිළිබඳව පසුදිනක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙසේ ලියා තැබූවේය

ඔහුගේ ඇගපත පුරා සංගීතය කිඳි රැඳී විහිදී තිබුණේය එය එහෙම පිටින්ම මධූර මෝහනයකි
සමරදිවාකර වැනි කලාකරුවන් කවර ජාතියක වුවද පහල වන්නේ කලාතුරකිනි කලාකරුවෙකු තුල සහජයෙන්ම තිබිය යුතු සියඵ දස්‌කම් සමග නියම ගති ගුණ ඔහු තුල තිබුණේය
ඔහුගේ චරිතයත් සංගීතය මෙන්ම මිහිරිය ඔහුගේ කථාබහ ඉක්‌මන්ය වැඩකටයුතු ඉක්‌මන්ය ඓහෙත් ඒ සියල්ලේම ව්‍යක්‌ත භාවයක්‌ තිබුනේය

ඔහුගේ අභාවය ගැන සැළවෙනවාත් සමගම ඔහුගේ පූණ_ ප්‍රභාවයෙන් යුතු අවසන් දර්ශනය මා සිත ඇඳි ගියේය කඵදු දහරා ගලා ගියේය මිහිරිතම කලාකරුවෙකුගේ මළගමය ඒ

එඩ්වින් සමරදිවාකරයන් විසින් තනු නිර්මානය කරන්නට යෙදුනු එකම සිනමා සිත්තම වු දස්‌කම වෙනුවෙන් ඔහු තැනූ සියඵ ගී සය දශකයක ඇවැමෙන් අදද එදාමෙන් එකසේ දිවමන්ය නිති නිති රසික හද පිනවයි සුභාවිත ගී රසය පොබයයි) ඒවායේ සියඵ ගී පද රචනා නැසිගිය කරුණාරත්න අබේසේකරයන් වෙතිනි ඔහු ඇදහු පිළිපැදී බුදුදහමේ ඉගැන්වෙන අනියත බව මතුකර දක්‌වන්නට එයින් උත්සහ කොට තිබේ

මඩ දිය පිපුණට - පිරිසුදු කිරිසුදු ඕලු.....

   රජ සිටු දූවරු - වරළස පළඳා ලංකාර වේදෝ......

   (ජී එස්‌ බී රාණි පෙරේරා)

--------------

සවන්දෙන්න 


 ඉපිද මැරේ යළි ඉපිදේ - නොතිර සසර සාගරේ.......

   නොතිර සසර සාගරේ - අතරතුරේ නෙමැරි මැරේ දස දහස්‌ වරේ......
   නිසල නැසේ සසල වෙතේ - නෙතිර සසර සාගරේ..........

(පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේව)

---------------
සවන්දෙන්න 


(උපුටාගැනීම හා සේයාරූ සහ වැඩිදුර විස්‌තර සඳහා - ගාන්ධර්ව අපදාන  -03 - මහචාර්ය සුනිල් ආරියරත්න) 
(හෘදයාංගම ස්‌තුතිය - මහඇදුරු සුනිල් ආරියරත්න වෙත)