namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, December 22, 2015

ඔබ කොහි සැගවුනිද ?

දයාබර සංගීතවෙsදියාණෙනි (02 කොටස) - බැති උපහාර මනහාර ගී නාදය


ප්‍රවිණ සංගීතවෙsදී සරත් බාලසූරිය දිවිමග සළකුණු


උපත 1942 දෙසැමිබර් 10

විපත - අවිනිශ්චිතයි

උපන් ගම - කිරුළපන

සංගීතය හැද+රීම - රජයේ සංගීත විද්‍යාලය - 1962 (වයලීන් වාදනය)

(අමිතා දඵගම / වින්සන්ටි ප්‍රේමසිsරි / නවරත්න අත්තනායක සමකාලිනව)
බටහිර සංගීත නිපුණතා හා ප්‍රගුණ කිරීමි - ශ්‍රි ලංකා යුධ හමුදා බටහිර තුර්ය වාදන වෘන්දය - ක්‌ලැරිනටි වාදක - 1968

ක්‍ෂේත්‍රයේ පෑ දස්‌කමි (ගී නිර්මාණ) -
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා වාද්‍ය වෘන්දය - 1973
- වෙළඳ තැටි සංගීත අධ්‍යක්‍ෂනය - 1966 සිට


සරත් බාලසුරිය සංගීතවෙsදියා යුධ හමුදා තුර්ය වාදක මන්ඩලයේ පෙරදිග රාගධාරි සංගීතය හැද+රු ප්‍රමුඛතම සාමාජිකයා වූ බව සඳහන් වෙs

ශ්‍රවණය කල සැණෙන් එහි ස්‌වර හඳුනා ගෙන ස්‌වර ලිපිය සටහන් කිරීමෙs අපුර්ව හැකියාවක්‌ අත් කර ගත් ඔහු ඒ හරහා ගායකයන් හා වෙනත් සංගීතවෙsදීන් ගේ නිර්මාණකරණයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් ශිල්පියෙකු විය

නැසිගිය පැටි්‍රක්‌ දෙණිපිටිය සංගීතවෙsදියා ද 50-60 දශකයේදී ඉහත ශිල්පයේ කෙළ පැමිණියෙකුව සිටි බවද කියෑවෙs

ගුවන් විදුලියේ සේවය කරණ සමයේදී මධුවිතට ඇබිබැහිවීමෙන් වරින් වර රෝගි තත්වයට පත්වූ ඔහු 1996 අප්‍රේල් මසයේදි ඒ සඳහා රෝහල්ගත ව සිටි බව වර්තා වෙs

ඔහුගේ ජීවන චාරිකාවෙs වඩත් අනුවෙsදනිය සිදුවිම සටහන් වන්නේ එහිදීය

දිනක ඔහුගේ සුවදුක්‌ විමසන්නට පැමිණි පවුලේ සාමාජිකයන් හට ඔහු දක්‌නට නොවිය

අපවන් රසිකයන් වෙත සුන්දර නිර්මාණ ගණනාවක්‌ තිලිණ කළ මෙs අපුර්ව නිර්මාණකරුවා රෝහලෙන් අතුරුදහන්ව ගොසිනි

එදා මෙදා තුර දශක 2 ක්‌ ඉක්‌මවා යන්නට ආසන්නය

සොයා විපරමි කරනු ලැබුවද ඔහු පිළිබඳව කිසිම තොරතුරක්‌ වාර්තා නොවූ බව සඳහන්ය
---------------
නෙමියෙන නිර්මාණපෙලින් බිඳක්‌
හෙළ දෙරණේ කඳුල සුසුම / සිරිපොද වැස්‌සේ / අනේ මස්‌සිනේ (නන්දා මාලනී)
බඹර රැගුමි (වික්‌ටර්)
ආදර සුභා / ආත්ම ගණනක (ශ්‍රීමතී)
මළවුන්ගේ නගරයේ (අබෙs / නාලනී)
--------------------

 ගී පද රචනය - හේම ශ්‍රී ද අල්විස්‌
තනුව හා සංගීතය - සරත් බාලසූරිය
ගායනය - ජ්‍යෙෂ්ඨ ශිල්පිණි ලතා වල්පොළ
(ජෙම්ටෝන් තැටි ලේබලය වෙනුවෙනි)

තොරතුරු මුලාශ්‍රය -
දුරකථන සංවාදය - ප්‍රවිණ ගුවන් විදුලි වැඩසටහන් සමිපාදක ගීත රචක හේම ශ්‍රී ද අල්විස්‌ මහතා
මියෑසි හරසර - ලාල් ආනන්ද අබෙsධීර

මෙතැනින් අසන්න

Wednesday, December 16, 2015

සිරිපොද වැස්‌සේ රාත්‍රියේ - නන්දා මලනී

කොහි සැගවුනිද ඔබ ? - ගාන්ධර්වයාණෙනි- (01 වන කොටස)  

 2015 උඳුවප් මස 10 දින

මුහුණුපොත්
ගී රසික හවුලේදීය


පළමුකොට ඔබට සුබ උපන්දිනයක් පතමි !!

යටගිය දවස ඔබ ඇතුඵ පන්සිඵ කැළ පුබුදුවාළූ ගී පුෂ්ප සුගන්ධය අදද රසික සිත් වසග කරනු ලබයි

ඒ අදදිනෙන් චතුර්දශකයකටත් ඔබිබෙනි

එපමණ කාලයක් ගතවී යෑයි කෙසේ සිතන්නද ?


ඒ අද යුගයේ මිනිස් දිවියක අයුසිමාවෙන් හරිඅඩකටත් වඩා වැඩිකාලයක් නොවේද ?

අරුත්ගන්වන්නට අසමත් වුවද භාරත ගී රසයෙන් කුල්මත්ව එහි මහිර සොයා යමින් සිටි හෙළ ගී රසික කැළ යළිත් තම සුපුරුදු හෙළ ගීයට ආශක්ත කරවුයේ අරුත්බර පදමාළාවන්ට සප්තස්වර රටා මුසු කරවාලු එදා පන්සිඵකැළ ය ඒ අතර ඔබ ගේ නමද කියවිය යුතුමය

පෙර සසර පුරුද්දටදෝ ළමාවියේ සිට පිහිටා ආ මියුරු සත්සර රටා මැවිමෙs කලාව දියුණු තියුණු කරගෙන ආ ඔබ ඇගZලි තුඩු වරෙක යුහුසුඵව දිවගියේ ශ්රවණ මාත්රයෙන් මැවු ස්වරලිපි ඔස්සේය
ඔබෙs නාමය එදා රසික දනන් තුඩග නිතර රැවි පිළිරැවි දුන් බව කිවෙs නමි එය සත්යයෙන් තොරය

අදද ඔබ නියෝජනය කල සරස්වතිය අසිරි ලැබු ඒ ක්ෂෙත්රයේ පවා ඔබ හඳුනන්නෝ අතළොස්සකි වෙත්නමි ඔවුහු ද ඔබෙs එදා සමකාලිනයෝ වන බව නිසැකය

අන් අවසෙස් රසිකයන් පිළිබඳව කුමන කථාද?

එදා යුගයක් ඒකාලෝක කළ සුන්දර නිර්මාණ ගොන්න අතරින් ඔබෙs නිර්මාණ ද සෙස්සන් ගේ හා කිසිසේත් දෙවැනි නොවෙති

ඒ පිළිබඳව ඔබේ ඒ නිර්මායන්ට පෙමිබැඳි රසිකයා දෙස් දෙනු ඇත

එහෙත් ඔබේ ඒ සුන්දර සත්සර රටා පිළිබඳව හඩ අවදිකරන්නෝ විරළය අල්පය

එහෙත්

දයාබර සංගීතවෙදියාණෙනි!

ඔබ අප අතර රැඳුනු යුගය යමිතමි දෙදශකයක් නොඉක්මවා ගියද
ඒ කෙටිකාලයේදී නිහඩවම සහෘද අප වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු බව සැබැය
එහෙත්
ඔබ අපහදවතින් කිසිකළෙක හෝ ගිළිහේ යෑයි නොසිතන අමරණීය ගී පෙළක තනු රචකයාව සොඳුරු අදියුරුවාණෝව නොකියාම නිහඩවම නොපෙනි ගියේ මන්දයි විමසමින් අදට නවතින්නෙමි

           සුභ ගමන් !!!

---------
    ප ලි
     මතුයමි දිනක යළි අප හමුවට එනතුරු පෙරමග බලා සිටින්නෙමි
     එදා ඒ මැවූ මිහිරියාව යළි පුබුදුවනු වස් අදින් වසර 40 කට ඉහතදී වෙළඳ තැටියක ඔබවා ඔබෙs සත්සර රටාවෙන් හැඩගැන්වූ  ඒ    ගීය ඒලෙසම අද යළි අමුණා එවන්නෙමි
    එය ඔබෙs නාමයට උපහාරයක් වෙsවා !!
-------------------------------
සිරිපොද වැස්සේ රාත්‍රියේ
පහන් කණුව යට ඔබ හැමදාමත්
රැගත් සුරා පිරූ විතින්
පුවත් නොද+න බමන ගතින්
සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්

----------------------------------
ගේය පද ඇමුනුවේ මහඇදුරු සුනිල් ආරියරත්නයන් බවද
ස්වකීය හඩ අවදිකරමින් ඔබේ සත්සර පණගැන්වුයේ නන්දා මලනීය විසින් බවද

අද රසික කැළ වෙනුවන් සටහන් කරන්නට අවසර

අසන්න මෙතනින්

Thursday, December 10, 2015

සිහිනෙන් තැවරූ අංජන - එදවස සවනත වැකී මෙදවස මිළිණව ගිය හෙළ ගී මං සළකුණු - 1970


 හෙළයේ මහා ගාන්ධර්ව පන්ඩිත්   අමරදේවයන් ප්‍රණාම පූජා

-------------------------------------------------------------


බො\දු වත්පිළිවෙත් දහම හී හැසිර ඊ මත පාදක වූ කවි ගී වෙනත් කලා නිර්මාණ රසවිඳීමෙs භාග්‍යය ලත් මෙදිවි වැසියන්හට කවර කලෙක හෝ අල්ප නොවෙs

එයිනුදු වඩාත් සුලභ මුලශ්‍රය බවට හැරුනේ බුදුන්වහන්සේගේ පූව_ ජන්ම විස්‌තර කෙරුණු ඇතැමිහු එදවස මෙහි හා භාරතයේ පැතිර පැවතුනා යෑයි අනුමාන කෙරෙන ජනකථා සංග්‍රහයක්‌ ලෙස හඳුන්වාගනු ලැබූ පූජනීය පන්සිය පණස්‌ ජාතකයයි

එයිනුදු චුල්ල ධනුද්දධර / චන්දකින්නර / වෙස්‌සන්තර කථා පාදක කොටගත් නෙක කලා නිර්මාණ කලින් කල බිහිවිය

ඒ අතර අපි කවියාණන් ඇසුරුකර ඇත්තේ එහි පැණුනු කවි ගී ලොවෙs එතරමි කථාබහට ලක්‌ නොවුනු එහෙත් ඉහත කථාංගයන්ට දෙවනි නොවූ සුන්දර කථා පුවතකි

ඒ විධුර ජාතකයයි

මෙහි බෝසත් චරිතය විධුර පන්ඩිතයන් වූ අතර පූර්ණක්‌ යක්‌ සෙනවියාද හෙතම පියඹ එරන්දතී නමි නා මෙණෙවිය ද විය

හෙළ ජනප්‍රවාදයේ පැණෙන ඒදමිපතීන්ගේ පුත්‍රයාණෝ ද+ඩි නාමය ද+රූ මාණවකයාණෝය
තවද එතුමෝ අඵත්නුවර ද+ඩිමුණ්‌ඩ දෙවියන් ලෙස අදද බොදුදන පුදපුජා ලබයි

69-70 වකවානුවෙs එක්‌ දිනක තම ප්‍රිය බිරිඳගේ ගමි පියස වූ රඹුක්‌කන ප්‍රදේශයට පියමං කරන්නට සිදුවු අප කවියාණෝ එකළ බහුල දසුනක්‌ වූ කවිකොළ පොත් විකුණන්නෙක්‌ ඇස ගැටී පෙරළා අගනුවර කරා එන ගමනේ පරිශීලනය කරනු වස්‌ මිළදි ගනුලැබූ විධුර ජාතක පුස්‌තකයේ රසභාවයෙන් උදමිව තම සිත්තුළ ජනිත වූ නවමු සිතිවිළි වළා කැටි ඔස්‌සේ උපන් කවිරස මල් වරුසා රසිකයා වෙනුවෙන් පසුදිනක එදා ගුවනින් පතිත වූ අයුරින් බිඳකුදු නොවෙනස්‌ව අද රසික සවනට මෙසේ ගෙන එමි

තවද

අප කවියාණෝ උපුටා දක්‌වමින් සටහන් කළ යුත්තක්‌ නමි මෙයින් කියවෙන්නේ විධුර ජාතක කථා පුවතම නොවන වගයි එහෙත් එයින් ජනිත වූ කවි සිතිවිලි මාලාවකි

මෙs නිර්මාණයේ ස්‌වර රටා ඇමිණුම මිට විසිවසරකට පෙරාතුව ඔබ මා අතරින් සමුගෙන ගිය ගුවන් විදුලියේ ප්‍රවිණ සංගීතවෙsදී වික්‌ටර් දඵගම විසින් කරනු ලැබ ඇත්තේ අතිශය සුන්දර ලෙසය ඊට ඔහු යොදා ඇති නාද මාලාව පදමලාවෙන් ජනනය වන අදහසට අතිශයෙන්ම ගැලපී යන බව වැටහෙනවා ඇත
මෙයින් මැවූ එරන්දතිය නිසැකයෙන් ම ඔබෙs මනසේ මැවි මැවි පෙනෙනවා ඇත

ඒ කිමිද ?


70 දශකය උදා විකාශනය එකළු කල හෙළ නාදමාලා කැටිව එදා ඇසුණු සුන්දර ගීපදවැල් ගොන්නක හිමිකරු වූ මෙs ජ්‍යෙෂ්ඨ පරිපාලකයාගේ නිසගZ ප්‍රතිභාවයයි ඒ

මුල් ගුවන් විදුලි තැටිගත කිරීම - 1970
----------------------------------
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැඵමි පෙරළා
පාද කිකිණි සොළවා
එරන්දතිය එනවා ..........
..........................
----------------------------------
ගේය පදරස කැලතීම- ප්‍රවිණ ගී පද රචක ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධාරී සුනිල් සරත් පෙරේරා

තනුව හා සංගීත අදියුරු රටා - ප්‍රවිණ සංගීතවෙsදී අභවප්ප්‍රාප්ත වික්‌ටර් දඵගම

ගායන ලීලා - පිලිපීනයේ රැමෝන් මැග්සාසෙයි හා භාරතයේ පද්ම ශ්‍රී අභිධාන සමිමානිත පන්ඩිත් අමරදේව හා සහය ශිල්පිනි (එවකට ආධුනික) අමිතා වැදිසිංහ දඵගම


--------------------------------
(මුලාශ්‍රය සුනිල් සරත් පෙරේරා මහතාණන් හා කරනු ලැබු දුරකථන සංවාදයකිනි)

මෙතැනින් සවන්දෙන්න

Sunday, December 6, 2015

ගිළිහුණු සමනල් තටුමත ඇය තනිවෙනවා - හෙළ ගී කෙමිබිමෙs යටගිය දවස පිපි තඹුරු - 70 දශකය ගුවන් විදුලි සරළ ගී

ගිළිහුණු සමනල් තටුමත ඇය තනිවෙනවා - හෙළ ගී කෙමිබිමෙs යටගිය දවස පිපි තඹුරු - 70 දශකය ගුවන් විදුලි සරළ ගී


ජගත් සමිභාවනාවට පාත්‍ර වූ ද ඉන්දීය ඉතිහාසය පවා ගොඩනැගීමට පාදක වූද හෙළයේ බුදුසමයේ ලිඛිත ඉතිහාසයේ මුදුන් මල්කඩ වූ මහාවංශය ඇසුරෙන් කරනු ලැබූ ශ්‍රව්‍ය-දෘෂ්‍ය කලා නිර්මාණ සුලභ නොවෙs

මෑත යුගයේ මහාචාරය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහූ හා ප්‍රවිණ නාට්‍යවෙsදී හෙන්රි ජයසේනයන්ගේ කුවෙsණි වෙsදිකා නාට්‍යයන් මෙහිදි සිහිකටයුතුය

උක්‌ත කෘතිය ඇසුරු කරමින් කරන ලැබූ හෙළ ගී සාහිත්‍යයේ දුලබ ප්‍රස්‌තුතයක්‌ ලෙස සැලකිය හැකි මෙs නිර්මාණය ඇසු දනමන පිනවන සුන්දර රූපාවලියක්‌ ඔවුන්ගේ සිත්හි මවනු ලබයි

ගී මල් මුතු වට වැසි 70 දශකයේ මැද භාගයේ එහි තෙමෙමින් ඔහු ද හෙළ ගීයේ මහගෙදර වූ ජාතික ගුවන් විදුලියට ගොඩවැදී ඒ ඔස්‌සේ තිලිණ කරනු ලැබූ එදාමෙදා තුර ශ්‍රාවක මනබැඳි අති සුන්දර ගී සමුච්චයෙන් වර්තමාන රසිකයන්ගෙන් වසන් වී දුරස්‌ වූ උක්‌ත නිර්මාණය ඔහුගේ මුල්ම සරළ ගී එකතුවෙන් උපුටා ගන්නා ලද්දකි

ගී සාහිත්‍යයේ වඩාත් පොදු සුලභ ප්‍රස්‌තුතයන්ගේන් ඔබිබට පියමං කරමින් නව ඉසවි කරා තම නිර්මාණ වපසරිය පුඵල් කරන්නට ළැදි ඔහු විසින්

//සුනිල්වන් නුවන් යුග වසා.........// ඔස්‌සේ ස්‌වකීය ගී නිර්මාණ චාරිකාව ඇරඹුවෙsය

එය සර්වකාලීන මාතෘකාවක්‌ වූ ස්‌වකීය දිවියේ තීරණාත්මක කඩඉමකදී තරුණ දූ දරු - දෙමිවිපිය ගැටුමකට හේතුභූත වූ සංසිද්ධියක්‌ පාදක කොටගත්තකි
 
එහෙත් ඒ යුගයේ ම වෙනත් සරළ ගී වැඩසටහනකට ගැයු //සැඳැ අඳුර ලොව ගලන වෙsලාවට // ඔහු රසික හදවතේ ළැගුමිගන්වනු ලැබූ ගීතයයි

උක්‌ත මාතෘකාවෙs ආ පද පේළිය මෙs අනුවෙsදනීය කථාංගයේ සාරයයි ඒ බව උද්දීපනය කරන්නේ ගීතයේ නාදමාලාවට විරාමයක්‌ තබමිනි

ඒ පදපේලීයේ විරාමය හැගZවූ  ස්‌වර නාදමාලාව හා අතුරු සංගීත ඛන්ඩය තමා ගැයූවද එය පසුව පටිගත කරන ලද පිටපත නිකුත් වූ පසු දක්‌නට නොවූ බව ඔහු විසින් සඳහන් කරන්නට යෙදුණි

-------------------------

නිලුපුල් දෙණුවන් ආදරයෙන් පිබිෙ\දනවා


එමිහිය ඇගේ වරළස සුදු මල් ගවසනවා


රන්හූයෙන් රටා දමා සඵව වියනවා


සිනිඳු සඵව විජයිඳු ගත වට ද+වටෙනවා

-------------------------------

මුල් පිටපත - 1977?
පද සංකල්පනාව - එච් එල් පී පියදාස (සෝමතිලක ජයමහ මිතුරු)

තනු නිර්මාණය හා සංගීතය - සෝමතිලක ජයමහ


වාද්‍ය වෘන්දය - නැසිගිය ප්‍රවිණ සංගීතවෙsදී එමි කේ රොක්‌සාමි (වයලීන්)

තිස්‌සසිරි පෙරේරා / ඩී ඩී ගුණසේන ඇතුඵ කණ්‌ඩායම

මෙතැනින් අසන්න
(තොරතුරු මුලාශ්‍රය - ප්‍රවිණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ හා සමග කෙරුණු දුරකථන සංවාදයකිනි)