namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, December 19, 2017

ප්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න නිර්මාණ - 1977


එදා ඔහු මැවු අපමණ රස මිහිර........

නැසිගිය විජය රාමණායක ගී තැටි එකතුවෙන් - තරංගා  (Tharanga)


ශ්‍රි ලාංකීය වෙළඳ තැටි ව්‍යාපාරයේ ඊ පී (EP) ඛන්ඩය යටතේ නිකුත් කරනු ලැබූ ප්‍රමාණයෙන් සාපේක්‍ෂව කුඩා තැටි වෙළඳ පොලට ගලා ආවේ 60 දශකයේ මුල් භාගයේ සිට බව කියෑවෙයි

ජාත්‍යන්තර පිලිප්ස්‌ ලේබලය වෙනුවෙන් පැටි්‍රක්‌ කොරේරා ද 

පසුව

සූරිය ලේබලයෙන් ජෙරල්ඩ් වික්‍රමසූරිය ද 

ජෙම්ටෝන් ලේබලයෙන් විජයපාල හෙට්‌ටිආරච්චි ද 

සිල්වර්ලයින් නාමයෙන් කෙනත් පෙරේරා ද

නිව් සවුන්ඩ් හි ඊ බී ඩී කේ පෙරේරා ද




----------------
ධර්මරත්න සහෝදරයෝ සිය මව සමග 60 දශකය අගභාගයේදී  දකුණු කෙළවරේ සිටිනනේ මෙල්රෝයි ධර්මරත්නය
--------------------

මෙකී තැටි ව්‍යාපරයේ වෙළඳ පොල  ප්‍රමුඛයෝ විය  දශක පහක පමන කාලයක සිට රසික හද දිනු සුමධුර ගී නිර්මාණ සැළකිය යුතු සංඛ්‍යාවක්‌ බිහි කලේ මෙකී ලේබලයන් විසිනි

එය එදා ඇසුණු සම්පූර්ණ ගීත එකතුවෙන් සියයට හැටක පමණ ප්‍රමාණයක්‌ විය හැකි යෑයි අනුමාන කෙරේ සෙසු ගීතයන් ජාතික ගුවන් විදුලියේ නිර්මාණයන් වු අතර මේ දත්ත කැසට්‌ පට ආගමනය සිදු වූ 1978 වසර පමණ තෙක්‌ වලංගු විය  

පසුව සිංග්ලංකා ඇතුඵ කැසට්‌ ලේබල විසින්  නිමැයු ගීත නිසා ඒ දත්ත වෙනසකට බඳුන් විය

වෙළඳ තැටි ව්‍යාපාරය වෙත 70 දශකයේ පිවිසි සහෘදයා නැසිගිය විජය රාමණායකය ඔහු කොළඹ කොටුවේ වර්තමාන රීගල් සිනමා ශාලාව ට යාබද ව සිය තරංගා රේකෝඩ් බාර් ආයතනය පවත්වා ගෙන යනු ලබමින් මෙකී තරංගා ලේබලයෙන් තැටි නිකුත් කරනු ලැබීය

මෙම ව්‍යාපාර ජාලයේ සෙසු සාමාජිකයන්ගෙන් සුවිශේෂි ව සිංහල ගීත වංශයේ සිය නාමය සටහන් කරවාලන්නට දායක වුයේය

ඒ කෙසේද යත්  ශ්‍රී ලංකාවේදී මෙකී ගීත බෙදාහැරිමේ මාධ්‍යය වු තැටි තාක්‍ෂණයෙන් කැසට්‌ පටය වෙත යොමුවුයේ ඔහු එහි ප්‍රමුඛයෙකුව සිටි අවධියේ වීමත් ඒ අනුව මෙහි වෙළඳ කැසට්‌ මාධ්‍යයේ පුරෝගාමියා බවට පත් වන්නට එයින් ඔහුට අවස්‌ථාව ලැබීමත් නිසාය

ඒ අනුව කැසට්‌ පටයකින් නව ගී නිර්මාණ එළිදැක්‌වු පුරෝගාමියා වු විජය රාමණායක ඒ සඳහා එවකට යොවුන් ගී ලොවේ සිහින කුමරා මිල්ටන් මල්ලවාරච්චි වෙත ඇරයුම් කලේය

හෙත් ඔහුට ප්‍රථමයෙන් සූරිය ලේබලය විසින් සිය වෙලඳ තැටි ගී නැවතත් කැසට්‌ මාධයෙන් නිකුත් කිරීමේ ක්‍රමවේදය අරඹා තිබිණි 

සී ටී ප්‍රනාන්දු සහ වික්‌ටර් රත්නායක ගේ ස ප්‍රසංගය ඒ අනුව නැවතත් කැසට්‌ මාධ්‍යයෙන් එළිදැක්‌විනි

එසේම විජය රාමනායක දෙවැනි වෙළඳ තැටි නිර්මාණය  වෙනුවෙන් දායකත්වය දක්‌වන්නට ඇරයුම් ලැබුවේ ප්‍රවිණ සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න ටය

ඒ අනුව තරංගා ලේබලය වෙනුවෙන් නව නිර්මාණ 04 ක උපත සිදුවුයේ ප්‍රවිණ ශීල්පිනි ඉන්ද්‍රාණී පෙරේරා ගේ හඞිනි 

ඒ මෙසේය

01 නොනිඳා පහන් කලේ - පද රචනය කේ ඩි නිකලස්‌

02 කාලෝ -  පද රචනය මෙල්රෝයි ධර්මරත්න

03 ගිය ඉරිදා ඔබ - මෙල්රෝයි ධර්මරත්න 

04 සලා දෙතොල් (පුතු හිනැහෙනවා) -  කේ ඩි නිකලස්‌



සංගීතඥයා නම් රසවතා සහෘදයා  පදවැල නමැති සියපත  රිද්මය-තනුව නම් සිසිකිරණයෙන් නහවා පුබුදුවා දිදුළවන හිමකර වැන්න

එතැන් හි සිට එසේ පුබුදුවා දසත සුගන්ධවත් කරණ සියපත ඔහුගේම මිසක අන් කවරෙකුගේද ? ඔහු සිය ගී කුසුම් මාලා දාමය පිළිබඳව නිසැකවම උදම් වනවා ඇත

සංගීතඥයෙකුගේ ඒ කර්තව්‍යය කිසිලෙසකත් කවරකලෙකවත් ලඝූ කොට සැළකිය හැකි නොවේ  ඔහු පෙරා කළතා බෙදා දෙන ඒ ගී රසය නිසි ලෙස උරා බොමින් විඳගන්නෝ නොවී එය මතුපිටින් නරඹන්නෝ ද ස්‌පර්ෂ කරන්නෝද එය කෙසේ නම් දනීද ? හැඳිනගනීද ?

ඒ කටයුත්ත එතරම්ම සංකීර්ණය භාරදූරය පද අරුත උද්දීපනය වන ලෙසින් ඊට සුදුසු වාද්‍ය භාන්ඩ තෝරා සිය මනසේ ඇඳි රිද්මයෙන් බිහිවු ස්‌වර ලිපිය අනුව පෙළගස්‌වනු ලැබ අනතුරුව ඊට වඩාත් ම සුදුසු යෑයි තමාට හැගෙනා ස්‌වර පන්තියෙන් වයනු ලැබීමේ මෙකී කටයුත්තේ නිරතවන්නේ යම්සේද ඒ තරමට එහි රසය දියුණු තියුණු වන්නේය

අවසනාවකට මෙකී ක්‍රියාදාමය පිළිබඳව නිසිලෙස අවබෝධයක්‌ ලැබූ එහි අගය හා වැදගත්කම වටහාගත් ලංකීය සිහල ගී රසිකයන් අල්ප වන්නා සේම එයින් ඔවුහූ එකී ගී පුෂ්පයේ සුගන්ධය - පැහැය කිසිදා නොහඳුනන ජාතිඅන්ධයන් වැනිය ඔවුහු ඒවායේ පදවැල් නමැති පෙති පමණක්‌ ස්‌පර්ෂ කරමින් සෑහීමකට පත්වෙති එහි සිනිඳු බව පමණක්‌ අගය කරති

එය එසේ නම් කුමකටද සුගන්ධවත් පැහැබර ගී පුෂ්පමාලාවෝ ? යන පැණය හටගැන්ම නොවැළැක්‌විය හැකිය එහෙත් ලෝ පැවැත්ම උදෙසා එය සැමදා පැවතිය යුතුය

පෙරකී රසිකයන් කෙසේනම් එබන්දෝ වීද ?

මල්බර හිරිමල් වියේ සිට ඔවුහු නිසි ගුරු ඇසුර නොලබා මෙකි සත්සර මිහිර වෙතින් රසවින්දනය වෙතින් දුරස්‌ වීමම ඊට හේතුවිනිද ?

චතුර් පුෂ්පයකින් හෙබි ඉහත ගී කුසුම්දම් පුබුදුවා ලූ සිසි තෙමේ ධර්මරත්න සහෝදර ගායක කන්ඩායමේ නායක සංගීතඥ මෙල්රෝයි ධර්මරත්නයන්ය

හෙළ ගී ස්‌වර්ණදාමයේ කාන්තිය විහිදුනු 70 දශකයේ ගාන්ධර්ව පෙලේ සාමාජිකයෙකු වු ඔහු ද සෙස්‌සෝ මෙන්ම  සිය කටයුත්තේ වගකීම මනාව අවබෝධ කරගනු ලැබිය

ගායකයා තනුවට මනාලෙස අවතීර්ණ වන්නේද යන්නෙන් නොනැවතී

ගීතය ගැයෙද්දී වැයෙන්නට පෙළගැස්‌වූ වාද්‍ය භාන්ඩයන් එක එකෙන් නැගි එන තනි ස්‌වරය පවා ඊට නියමිතව පෙළගැස්‌වු ලෙසින් වැයෙන්නේද යන්න මතුද නොව එහි තිව්රතාවය සහ පරාසය පවා නිසි ලෙසින් සකස්‌ වි ඇද්ද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් සිටීම ද

වාදක මන්ඩලයේ සාමාජිකයන් ඒ සඳහා නියමිත පරිදි පුහුණුවී සූදානම් වී ඇද්ද යන්නද මතුනොව 

එක්‌ එක්‌ වාද්‍ය භාන්ඩය  එහි උපරිම කාර්යක්‍ෂමතාවයෙන් ක්‍රියා කරනු වස්‌  සුසර වි ඇද්ද යන මේ කරුණු කෙරෙහි උපරිම අන්දමින් සැලකිලිමත් විම ද 

යන මේ කරුණු එකී ගී නිර්මාණය අමරණීය බවට පත් කරනු ලබති

යම් සත්සර නිර්මාපකයෙකු නිති හදාරන්නෙකු  - විශ්ලේෂකයෙකු - තාක්‍ෂණවේදියෙකු වීමෙන් හා අත්දැකීමෙන් සපිරීමෙන්  එහි ප්‍රවිණත්වයට පැමිණෙයි ලෝ වටා පැතිර පවත්නා විවිධ සංගීත ශිල්පීය ක්‍රම -  ශෛලීන් - නාදජනන ප්‍රයෝග අතැඹුලක්‌ සේ මිටින් ගත හැක්‌කේ එයාකාරයෙනි


නොනිදා පහන් කලේ  .....

මේ මුඵ රෑ කවුරු නිසාදෝ....

නොනිදා පහන් කලේ....


සොඳුරු අතීතේ කඳුලින් ලියෑවුනු.....

මතක පොතේ රන්වන් පිටු පෙරළා....

ඉවුරු තලා ගිය සතුටු සිනා මැද....



සඳගිරි පවුවේ සඳකිඳුරිය සේ....

අශා සඵවෙන් සියොළග සරසා.....

මියුරු නුරා රස මා සිත පුරවා....


මධුසඳ කිරණේ සිසිලෙන් නහවා...
.
සුදුමල් කැකුළක මුවරද පුරවා....

මුවගොඵ වුන රෑ සිත දොඩමඵ වී........


අසන්න මෙතැනින්
------------------



අප්‍රිකානු ජන සංගීතය ඇසුරේ නිර්මිත ඉහත කී නිර්මාණයේ නාදරටා ට්‍රෙම්ලෝ ආර්ම් (Tremlo Arm) ක්‍රමය අනුව වැයෙයි 1960 දශකයේ ලෝ පුරා සංගීත කන්ඩායම් අතර අතිශය ජනාදරයට පත්වු වහ් වහ් පැඩලය (Wah ...wah... paddle ) හා ක්‍රියාත්මක ගිටාර් වාදන පෙළකින් එය සංගීතවත් කෙරී ඇත

එයින් කෙරෙන්නේ ගිටාරයෙන් හුදකලාව වැයෙන එක්‌ එක්‌ ස්‌වරය ළෙලවීමයි එනම් එය යම්තාක්‌ දුරකට විස්‌ථාපනය කරවා ප්‍රතිරාවය නැංවීමයි 

මේ ශිල්පීය ක්‍රමය ප්‍රවිණ සංගීතඥ නැසිගිය ක්‌ලැරන්ස්‌ විජේවර්ධන විසින් සිය මුල් නිර්මාණ සඳහා යොදාගනු ලැබ තිබේ

මුහුදු රැල්ල ඔස්‌සේ ඔරුවක්‌ පැද යනවෝ (ආරම්භක සහ අන්තර් ගිටාර් නාදරටාව)

සිහිල් නුවන් යුග (අන්තර් වාදනය ගිටාරයෙන්)

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ (ආරම්භක සහ අන්තර් වාදන)

ඉහත නිර්මාණයේ මෙම වාදන රටාව ක්‌ලැරන්ස්‌ ගේම සුපර් ගෝලඩන් චයිම්ස්‌ වාදක මන්ඩලය නියෝජනය කල අග්‍රගන්‍ය රිදම් ගිටාර් වාද්‍ය ශිල්පී ඩික්‌සන් ගුණරත්නයන් විසිනි

ඊට අමතරව මෙම ගීතය වෙනුවෙන්  පසුබිමින් තාල වාදනය සැපයෙන්නේ කොංගෝ බෙර හඩ නංවමිනි ඒ සංගීතඥ නැසිගිය ස්‌ටැන්ලි පීරිස්‌ ගේ ෆොaර්චූන්ස්‌ වාද්‍ය වෘන්දයේ නිත්‍ය වාදක  ප්‍රවිණ තාල තරංග වාද්‍ය ශිල්පී ප්‍රේමනාත් කොඩිතුවක්‌කු විසිනි ඔහු පීලික්ස් ඇන්ටන්  සහ චන්ද්‍රා බන්ඩාර ගැයු හද ගී පොතේ පිටුවක්‌ ඉරා මුල් ගුවන් විදුලි නිර්මාණයේ තනු නිර්මාපකයාද සංගීත සංයෝජකයාද වෙයි


කාලෝ - කාලෝ .....

මින්මත්තේ අපේ ගේ පැත්තේ ඔබ එන්න එපා කාලෝ....

ඔබේහැටි හොඳහැටි මම දනිමි ඔබේ හැටි දනමී හොඳහැටි දනිමි.....

කාලෝ - කාලෝ.....

නුවන් අගින් හිනැහි මල් හි බැලුම් හෙලා.....

හෙමින් සැරේ ලංවී මායම් දැළින් වෙලා.....

කලින් කලේ මලින් මලේ යන පැණි බී ඉවත්වෙලා....

යන සමණළයෙකුගෙත් ඔබෙත් අතර වැඩි වෙනසක්‌ නෑ කාලෝ.....


රජෙක්‌ වගේ නිරතුරු පුදසුන පිළිගනිමින්....

මැණික්‌ මුදල් වස්‌තුව සිය රජ දහන කරන්....

දුකක්‌ කියා දෙයක්‌ නොවේ දුක හඳුනන විලසින්....

ජීවත් වන ඔබෙත් මගෙත් ලොකු වෙනසක්‌ නෑ කාලෝ.........


කවුරුද මේ කාලෝ ?

------------------------------------
පද සංකල්පනාව - මෙල්රෝයි ධර්මරත්න

තනු රටාව සහ සංගීත මුසුව - මෙල්රෝයි ධර්මරත්න

ගායනය- ඉන්ද්‍රාණි පෙරේරා

ලේබලය - තරංගා

යුගය - 1977
------------------------------------------------

අසන්න මෙතැනින්
----------------

Free Music - Download Audio -

එදවස නාගරික සංකර යෞවනයේ එකී  සංස්‌කෘතියේ සංකේතයකි කාලෝ ඔහු නවීන විලාසිතාවෙන් සිය ගත සරසා හැඩවැඩ වෙමින් ඇස්‌පැහැර ගන්නා මෝටර් රථයක ගමන් බිමන් යමින් යොවුන් ළඳුන් සිය වසගයට ගන්නා සළෙලකි 


අහිංසක ගැමි ළඳුන් කාලෝ ගේ වසගයට පත්වූවද මේ යුවතිය එසේ නොවේ ඇය ඔහුට අභීයෝග කරයි 

මෙහි වැයෙන අන්තර්වාදනයෙන් සිනමාලෝලි ඔබ ට එදවස රිදී තීරයේ ඇඳුනු උද්වේගකර දර්ශන මැවි නොපෙනේද ?

පෙම්වතා වෙත දුෂ්ඨයා එළෙඹෙමින් කරණ වීසුකදස්සන  ?



එය එසේ නම් මේ නිර්මාණවේදියා ගේ ප්රයන්තය ඵල දරා තිබේ

 තෙලදසුන සිහිනයක්‌ වු අදින් වසර 40 ක අතීතයට  ඔබ පියමං කරද්දී මෙයින් සවනින් සළරු දසුන් පෙළක අසිරිය ලබනවා ඇත


මේ නිර්මාණ ද්විත්වය  වෙනුවෙන් හඞ මුසු කල ප්‍රවිණ ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා මේ නිර්මාණ ද්විත්වය යළි නොගැයිය වෙළඳ කැසටයකට හෝ සංගත තැටියකට හෝ මතු නොව එදා ද පසුවද ප්‍රසංග වේදිකාවේදී ගැයෙන ඉන්ද්‍රාණි වේගරිද්ම පොප් ගී සැරියේ දී මෙම නිර්මාණ යුගල හුදකලාවුවද ඒ මිහිර විඳි එදා වෙලඳ තැටි ගී රසිකයන් මෙන්ම වසර 40 කට පසු අද රසික ඔබද ඒවා නිති අගයනු නිසැකය


ප ලි - සිනමාවේදියෙකු කවියෙකු පුවත්පත් කලාවේදියෙකු වු කේ ඩි නිකලස්‌ 2013 වසරේදී මෙලොවින් සමුගෙන ගියේය



මුලාශ්‍ර - ප්‍රවිණ සංගීතඥ පුවත්පත් කලාවේදී ගීතරචක මෙල්රෝයි ධර්මරත්න



ගී මුතු මාලා - 20 දෙසැම්බර් 2017


2 comments:

  1. රසවත් මතකයක්
    විචාරක දියණිය

    ReplyDelete
  2. ස්තුතියි රසිකාවියනි

    ReplyDelete