namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Thursday, January 4, 2018

ගුරු ගුණ වරුණා......

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාව ....... 07 දිගැහැරුම

මෙසමයේ සිංහල ගීතාවලිය සිය තැටි ගී සමය පසුකරමින් කැසට්‌ පට යුගයේ හිරිමල් විය ගතකරමින් සිටියේය ඒ වෙනුවෙන් අපිරිමිත දායකත්වයක්‌ ලැබ දුන්නේ සිමාසහිත සිංග්ලංකා සමාගමයි  එහි බර කරට ගත්තෝ අතර ක්‌ලැරන්ස්‌ විජේවර්ධන සහ ප්‍රවිණ ගී නිර්මාණකරු කුලරත්න ආරියවංශ ද විය ඔවුහු නන්දා මලනී ගේ නැවුම් ගීත ඇතුලත් කැසට්‌ පට පෙළක්‌ නිකුත් කරමින් සිටියහ


Add caption
එයින්  යාත්‍රා ලෙසින් නම්කෙරුණු ගීත සමුච්ඡය වෙනුවෙන් මහඇදුරු සුනිල් ආරියරත්නයන්ගේ පදපෙළක ස්‌වර මිහිර මවන්නට ඇරයුම ලැබුනේ ඔස්‌ටින්ය


අලය වන් මනරම් කවිකම් දෙන - සිතුමින කොද විස්‌කම් .................

හදවත් වී සමහන් මෙගැයුම් කර - සිඳ බිඳලවි බවගිම් ..............

පැණසර මහබෝසතුන් විරතට පැමිණ නොහිම් - පබවත වෙත බැඳෙමින් පුදදුන් උණුකදුළින් .........

ආලය නම් මනුදම් අදහම් නිති - එතැනය සබය සුදම් ........................


සවන්දෙන්න මෙතැනින් ....
---------------------


මිට සමාන ලයමානයකින් උපන් ඔහුගේ මෙකී දෙවන නිර්මාණයද ඉහත ගීය පරදවා රසික සිත් ආලෝලනය කරනු ලැබිය



හිතුමතේට දීග ගිය දුවේ - නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ......

පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ.....

ඇස්‌ දෙක වන් පුංචි දුවේ - නුඹ නැති ගෙය ගෙයක්‌ නොවේ......

ගෙයි ඇවිඵ පහන නිවේ - පපුවේ ගිනි පුළිගු දැවේ........

සවන්දෙන්න මෙතැනින් ....

---------------------


මෙවර ඔහු ගේ නිර්මානක්‍ෂිය යොමුවුයේ වෙසෙතුරු සිරිත වෙතටය

බාලේ පෙම්බර කොණ්‌ඩා බැන්දත්
තපසට නොගනිති වන්නා
දෙකනේ පුස්‌කොළ තෝඩු තිබුවත්
තපසට නොගනිති වන්නා


මල් යහන් කවි උදෙසා වැයෙන බෙරපද හා මෙකී නාද මාලාව ද  ගාරායක්‌ නැටුමේ කවි තාලය ද මුසුකරවා මෙහි ගී හඞ මතුකරවාගනු ලැබ තිබේ

සංගීතාචාර්ය ඔස්‌ටින් මුණසිංහ වෙත ලැබුනු තෙවැනි පත්විම සිදුවුයේ 1983 වසරේදී  කොල්ලුපිටියේ මහනාම මහ විදුහලටය එහිදි ඔහු ගේ කාර්ය භාර්යය වඩාත් පුඵල් ලෙස ඉටුකරගන්නට අවස්‌ථාව සැළසුනේ එහි එවකට විදුහල්පති කේ එම් ද සිල්වා මහතා ගේ ද නොමද සහයෝගය ලැබිමෙනි

මහානාම පාසල් ගීතයේ පද රචකයා විදුහල්පති කේ පී ද සිල්වා ලෙසත් තනු නිර්මාපකයා ඔස්‌ටින් මුණසිංහ ලෙසත් සටහන් වි තිබේ

එහි උදා ගුරු සිසු හමුවේ සම්ප්‍රදායික න්‍යය පත්‍රයට අනුව වැයෙන ජාතික ගීයේ සහ පාසල් ගියේ වාද්‍ය වෘන්දයේ සර්පිනාව සියතින්ම වැයුවේ සංගීතාචාර්යවරයා ලෙස එය සිය වගකීම ලෙස සලකමිනි

වසර පුරා එහි සිසුන් සමස්‌ත ලංකා මට්‌ටමින් හා වෙනත් සංගීත තරග සඳහා සුදානම් කිරීම එහි පැවැත්වෙන වෙනත් උත්සව සහ රැස්‌විම් හි සංගීත කටයුතු මෙහෙයවීම ආදි මෙකි නොකි වගකීම් රාශියක්‌ සිය උරමතට ගෙන කටයුතු කිරීමට ඔහුට සිදුවිය

යම් ආර්ථික අපහසුතා සහ අසිරූතා ඇති සිසුන් කෙරෙහි පීතෘත්වය කැටි වු දයාපරවශ හැගීමෙන් කටයුතු කරමින් හැකි සැම විටම සිය පෞද්ගලික මුදලින් ඔවුන් හට උදව් උපකාර කරන්නට කිසිවිටක නොපැකිළි විය කලා උළෙල සහ වෙනත් කටයුතු සඳහා ගොම්මන් අඳුර වැටෙන තුරු තමා හා රැඳි සිසුන් ගේ  වියහියදම් සපුරා දෙමව්පියන් අමතා ඔවුන් ආරක්‍ෂිතව සිය නිවස්‌ කරා පිටත් කර හරින්නට කටයුතු කලේය

සිය සිසුන් තමන් වෙතින් පෞද්ගලික අධ්‍යාපනය හැදෑරිමට යොමුවිම පිළිකෙව් කළ මුණසිංහයන් සැමවිටම කියා සිටියේ එය සදාචාරාත්මන නොවන බවත් තම යුතුකම උපරිමව පාසල තුලදී ඉටුකරන බවත්ය

සිය සිසු දරුවන්ට වෙත කෙරෙන කෙණෙහිළිකම් අසාධාරනකම් හමු වේ ඊට විරෝධය පා දැඩි ලෙස සංවේදී වු ඔහු උසස්‌ පෙළ  ප්‍රයෝගික පරික්‍ෂණයට මුහුණ දුන් සිසුවකු ට සිදුවු අකටයුත්තකදී ඊට මැදිහත් වී එය වහා නිවැරදි කළේය 

අදාළ පරික්‍ෂණයේදී බාහිර පරික්‍ෂකයා හමුවේ ඉතා නිවැරදිව සුසර කරගත් වයලීනයක්‌ මනහර ලෙස වයන සිසුවෙකුගේ වාදනයට මහත් ආශාවෙන් සවන් දී සිටි ඔහුට ඊලග මොහොතේ අසන්නට ලැබුනේ මෙවැනි නියෝගයකි

ඕක හරියට ටියුන් කරගෙන නෑ ...........මෙහෙ අරන් එනවා ඕක......................

අදාළ පුද්ගලයා සිසුවා ගේ වයලීනය නාදය වීකෘත කරවා යළිත් වාදනය කරන්නට අණ කරනු ලැබීය

නොසිදුවිය යුත්තක්‌ සිදුවෙමින් තිබෙනු අත්දැකි මුණසිංහයන් ද නොසිදුවිය යුත්තක්‌ කරන්නට පෙළඹිය ඔහු අදාළ කුටියට කඩා වැදිනි

ගන්නවා ඕක මෙහට ...... ආ .... දැන් ගහනවා 

ලග නිමේෂයේ කුටිය සිසාරා ගිගුම් දුන්නේ ඔහුගේ ගර්ජනාවයි 

යළිත් නිවැරදිව සුසර වු වයලීනය අතට ගත් සිසුවා එය වයන්නට විය

කෝපයෙන් දිදුලමින් පිටතට පැමිණි සංගීතාචාර්යවරයා පසුපස ආ පරික්‍ෂකයා නොඉවසමින් වචනයකුදු හෝ නොදොඩ එතැනින් මගහැර යන්නට ගියේය

ඒ අසාධාරනය අයුක්‌තිය නොඉවසු  දයාවෙන් සිහිල් වු මුණසිංහයන් ය

නැවතත් හමුවෙමු .....

1 comment:

  1. Thanks lot, really enjoyed your articles, please keep on posting, again thank you very much

    Ranjith

    ReplyDelete